Monday, December 19, 2011

කිරි කොකා සහ අපි උඹලා..

වෙලේ නියරෙ තනි කකුලෙන් ඉන්න
පිහාටු හකුලා ගත් කොකා
සුදුම සුදු පාටයි..පිරිසිදු සුදු..
ඒත් තටු ගසලා ඉගිලෙන කොකාගේ
පියාපත් යටින් පෙනෙයි ගුරු පාට.., කලු පාට ....

මිනිස්සු....
සිත කය අකුලන් නිසොල්මනෙ ඉන්නකොට
හරි අහිංසකයි...
ඒත් සිත සොලවා කට සොලවන විට
ඒ අනුව කය සොලවන විටත්
පෙනෙයි යස අගේට උන්ගෙ සිත්වල ඇතිකහට..,
වියරුව...

5 comments:

  1. බෙග් මාස්ටර් "සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කියල කිවුවෙ කට කහනවටද ???????

    ReplyDelete
  2. මිනිස්සු........තේරුම් ගැනිමට අමාරු ඇයි මේ..........
    තැන්ක්ස් ඕනයා..

    ReplyDelete
  3. ඒකනම් සහතික ඇත්ත..
    මිනිස්සුව තේරුම් ගන්න ලේසි පාසු විදියක් මටත් වුවමනා වෙලා ඉන්නේ.. ඒ තරමටම සංකීර්ණයි වැඩේ. :)

    ReplyDelete
  4. මම අදයි මේ පැත්තට ආවෙ.... පෝස්ට් දෙක තුනක් කියෙවුව ... හිතට ඇල්ලුවා... ඔන්න ෆලෝ පාරකුත් දැම්මා... :)

    ReplyDelete
  5. කතාව සහතික ඇත්ත ය. ලස්සන කවියක් ය.

    ReplyDelete