Wednesday, December 14, 2011

අබිසාරිකාව

විදියේ පහන් කණුවට තනිය නොදී
බස් නැවතුම ලග සෙනග බලමින්
කිසි කරදරයක් නැතුව
කිසි වැඩක් නැතුව කාලය කන්නි....

ඇරයුමක් එන තෙක් නෙත් කරකමින් බලන්නි..
සැමට හිතවත් වන්නි......

නැග්ගම ගාන දීලා.. නිසි තැනින් බස්සන
ත්‍රි වීල් එක වගේ...
ඇගේ නිල රථයද එයම වේ....

යස අසය..නින්දා ප්‍රසන්ශා යන
අට ලෝ දහමින් නොසැලි ඉන්නිය...

අද පමණක් ගැන හිතන්නිය
හෙටක් මතු සසරක් ගැන නොසිතන්නිය..
නිතී රිතී රැහැන් මැද සිනා මවන්නිය
ජාති කුල බේද නොතකා සැමට සෙනෙහෙ පාන්නිය

සලෙලුන් සුර ලොවට ගෙන ගොස්
සැනින් නර ලොවට හිස් අතින් එවන්නිය..

එපා යැයි කැ... ගසමින් කියන බොහො අයට
හොර රහසේ රසය දෙමින් වැජබෙන්නිය
වටිනාකමක් නැතත් වටිනාකමක් හදා ගෙන ඇති

ඇය

5 comments:

  1. වෝටර් ෆිල්ම් එක මතක් වුනා.

    දවල්ට ඇහැකට පේන්න බැරි ජරා ගෑණු,
    රෑ වෙද්දී උකුල උඩ ඉන්ද ගන්න මිනිස්සු....!

    ReplyDelete
  2. ඉක්මනට ගෙදර පලයං . . උඹට හීට් එක නැගගෙන එනවද කොහෙද

    ReplyDelete
  3. අමරසිරි පීරිස් මහත්තයාගේ සිංදුවක් මතක් උනා මේ පෝස්ට් එක කියවලා ඉවර වෙනකොටම.

    ReplyDelete
  4. @මධුරංග:
    "ලඳුනේ" වෙන්න ඇති.
    අධිනීතීඥ රංබන්ඩා සෙනෙවිරත්නයන් ඒ ගීතය රචනා කලේ එතුමාගේම අත්දැකීමක් ඇසුරෙං බව දන්නවද ???? මෙතන බලන්න

    ReplyDelete
  5. මට නම් මතක් උනේ කුරුනෑගල "රෝසි" ව.. හ හ හා...

    ReplyDelete