Friday, October 14, 2011

දුම්බොන්නාගේ පෙනහැල්ල.....

හිමිදිරි උදැසන
සීතල යැයි කියාගෙන
පටන් ගන්නා පටන් ගැන්ම
මහ දවල් ටෙනිෂන් යැයි කියාගෙන
අනේ උඹ මට දෙන වදයක්....

ධමනි ශිරා නිකොටින් මිශ්‍ර තාර වලින් පුරවා
නුඹ හදන්නේ පාරවල් හදන්නද ඒවා තුල
උබෙ ලේ පිරිසිදු කරල
ඇග පුරා යවන්න මට..

බාගෙට වෙලුන වැට මාර අතු ටිකක් හොයාගෙන
ලිපේ තියලා ගිනි තියලා,
මාව දුම්මැස්සෙ තියලා දුම් ගැහුවනම්
මීට වඩා හොද නැද්ද....

Tuesday, September 20, 2011

කරුමෙ" දැම්ම බරේ නිසයි

කෙමෙස්ට්‍රි ක්ලාස් හොරෙන් ගිහින්
ක්ලාස් ෆිස් ඉතුරු කරන්
බාර් එකක් ලගට ගිහින්
ගත්තු බාගෙ ඉනේ ගහන්

වඩේ දෙකයි පොල් කැල්ලයි
රුපියල් දහයකට අරන්
සොඩ අරන් සිලි බැගයට
දෙතුන් දෙනෙක් එක්ක ගිහින්

මාහා ගසක් සෙවන දුන්න
ගල්පොත්තක වාඩි වෙලා
පොලීසියෙන් එයිද කියලා
කටුස්සො වගේ බලමින්

කාබනිකද අකාබනික රසායනය ගැන කියමින්
නිව්ටන් ලගෙ ඕම් ලාගෙ නියම එහෙම මතක් කරන්
කලාස් ගියත් අද නොගියත් අවුලක් නැනෙ කියමින්
ගල් බෝතලේ ඉනෙන් අරන් චියර්ස් කියලා කඩලා
චුට්ට චුට්ට තොල ගා හැටි අනේ එදා අපි කට්ටිය

කැ ගහගෙන හූ කියාන සින්දු කීව අපෙ කට්ටිය
ගෙවල් වලට හොරන් ඇවිත් ජෝකි නැටුවෙ අපෙ කට්ටිය
හූ කියාන ගුටි ගහගෙන මට්ටු උනේ අපෙ කට්ටිය
ඇතුගල උඩ බීපු එදා කොහෙදො දැන් අපෙ කට්ටිය

"කරුමෙ" දැම්ම බරේ හින්දා
මාත් නැග්ගා ඇතුගලට එදා
අතීතයේ රස මුසු තැන්
ආයෙත් මතකෙට ආවා
ඒ මතකය මතකයක්ය
ආයෙත් කිසි දා නො එනා..................!

Thursday, September 8, 2011

වන්නියේ ඇත්තිට.........

එරන්දියේ නුඹට ගෙතුව ආදර මල්දම්
පලදවන්න කලින් මෙන්න පරවෙලා ගිහින්
වන්නියෙ අව්වට තැවෙනා රූපය මනරම්
පැහැය ගිහින් නැහැ නොවෙදෝ තාමත් රන්වන්

ගිනි අව්වට තඹ ගැහුනු කෙහෙරැලි මනරම්
අකීකරුව නුඹෙ හිසට දගලන සුලගේ
සිනා තෙපුල් සැළෙන ලෙසට නැළවෙන දැසයි
මගේ සිතට ගෙනත් දුන්නෙ ලියන්න කවිකම්

ටිකිරි සිනා ලග කෙනෙකුන් කියාද හිමිකම්
එහෙම නොවි තාමත් ඔබ ඉන්නෙද තනියෙන්
එහෙම උනොත් දෙන්නම් මා ඇරයුම මනරම්
පින්වන්තිය වෙනවද මට කියන්න හිමිකම්

Thursday, August 25, 2011

වාත බස් එකෙන් යනෝ..

ආදරණීය අම්මාගෙ උනුසුම් තේ කෝප්පයක මෙන්ම,
රසවත් බත් පිගානක රස බලන්න..
තාත්තාගෙ ජයග්‍රාහි සිනා දකින්න..
පොල් රුප්පාවෙ ගස් අස්සෙ..කන්දෙ ගල් ගානෙ ඇවිදින්න..
දැදුරු ඔයේ නාන්න..

"කරුමෙ"ගෙ ආදරණීය සිනහා දකින්න...
එයාගෙ දිලිසෙන ඇස් දෙක දිහා බලාන ඉන්න
කෝච්චියෙ ගමනක් යන්න..

විතරක් නෙමෙ....

අර රේල් පාරට එහා පැත්තෙ කුඹුරු යාය මැද්දේ තියෙන
තඩි දන් ගහ යට හෙවනෙ..
කඩල ඇටයක් කකා යාලුවොත් එක්ක ගල්පැන් ටිකක් රස බලන්න..
ඊට පස්සෙ වෙල්යායට පහලින් තියෙන අැලේ බැහැලා
ඇගේ ගිනියම අඩුවෙනකන් පාවි පාවි ඉන්න

ඔන්න මන් යනව මාගෙ රට,ගම බලා
කෝ මෙ ටිකට් එක..
දැන් මෙලහටත් කොන්දා ගැ ගහනව ඇති
මාලෙ ..කලම්බු...,මාලෙ කලම්බු..
මග නැ මාලේ කලම්බු ........
කියාන,අර වාත බස් එකෙ දොර ලගට වෙලා..
එහෙනම් මාත් ඔන්න බ්ලොග් එක ලැප් එකෙ අකුලන් යනෝ.....

පොඩ්ඩක් හිටපියෝ....,මන් එනෝ....

Monday, August 22, 2011

මම අනුරාධපුරය අවසන්..

එදා ඉතින් ඒ පැදුරු සාජ්ජෙන් පස්සෙ මං ඔන්න රස්සාවට ගියා.ඊට පස්සෙ මාත් එක්ක හිටපු අනෙක් මැන් කීවෙ...
හෙට අපේ ප්‍රොපගැන්ඩා වැන් එක එනවා..අර ප්‍රොඩක්ට් එකට ප්‍රොමොෂන් එකක් දෙන්න.අපි සේරටම පදවි යන්න වෙනවා.කම්පැනියෙ හැමෝමත් එනවා..
ඒ හැමදෙම අවසානෙ පදවියෙ පොඩි සාජ්ජයකුත් තියෙනවා..
ඉදලා හිටල වාගෙ පදවි ප්‍රදෙශයෙ රවුමක් ගැසිමේ වාසනාව මට ලැබි තිබුණි..ත්‍රාසය බිතීය සහ විනොදය එකතු වු මෙම චාරිකාවට මා තරමක් ඇලුම් කලත් එ පිළිබද කිසිදෙයක් ගෙදරට නොකීවෙ ත්‍රස්තවාදි කලබල නිසා මට එහි යැමට ගෙදරින් අවසර දෙන්නෙද සතුටින් නොවන නිසාය..
එ කෙසේ වෙතත් දිනය පැමිනුනා....
********************************************************************************* ප්‍රචාරක රථයත් නිළධාරි අරවින්දත් පුරෙට ආවා..ඒ සමගම අපේ සහයට තවත් එකෙක්ද විය..
දැන් තුන්දෙනා මේ රථයේ ගමන පටන් ගත්තා..පුරේ සිට පදවි ශ්‍රි පුරට..
අනේ මෙ යන අපි වනාන්තර මැද්දෙන් වු පාරවල්,විටෙක හමුදා බාධක පසුකරන් පදවිය කරාලගා වෙනවා..මේ අතරතුර අරවින්ද තාමාගෙ කාර්ය ඉටුකිරිම පිණිස රථයේ වු ශබ්ද වාහිනි යන්ත්‍රය උපයොගි කරගනිමින් අදාල නිෂ්පාදනය ගැන ප්‍රචාරයක් ලබාදෙනවා..

ඔය අතරදි මන් දකිනවා අප ජනාධිපතිතුමාගෙ ප්‍රචාරක පෝස්ටරයක්..
රට හදන්න මහින්දට දෙන්න..
එලෙස සදහන් වු පෝස්ටරය සැම ගසක්,තාප්පයක් පුරාම තියනවා මා දකිනවා..
ක්ෂණයෙන්ම මාගෙ සිතට එන අදහස වන්නේ..
රට හදන්න මහින්දට දෙන්න..
බඩ හදන්න අපට දෙන්න..
හැකියාවට රැකියාව .යන්නය.
ස්විච් ඔෆ් කර තිබු මයික් එක අතට අරන් මා එය කියන්න පටාන් ගන්නවා..
අපේ සහයක හිතුවෙ මා ප්‍රඩක්ට් එක ගැන ප්‍රචාරයක් දෙන්න හදනව කියල..
මා මාගෙ වාක්‍ය කියනවාත් සමගම ඔහු මයික් එක පණ ගන්වනවා
රට හදන්න මහින්දට දෙන්න....
බඩ හදන්න අපට දෙන්න..
වහාම අරවින්ද වාහනය පසෙකින් නතර කරා..
ඒ මොකක්ද උබ මේ කරපු මගුල..මාගෙන් ඇසුවා..
නැ බං..මෙ පිස්සා මයික් එක ඔන් කරානෙ..මං කීවා..
ඒත් බලපන් උබ කියපු දේ?....
ඇයි,මං වරදක් කීවද?නැ මං කීවෙ...
අපෙ බඩ පුරවන ගොවින් එක්ක අපි ඉන්නෙ..ඉතින් එයාලට නියම ප්‍රඩක්ට් එකක් දීලා රටෙ මිනිස්සුන්ගෙ බඩ පුරවන්න අපට ඉඩ දෙන්න කියලා..,
මා අතින් වු දේ සියලු විස්තර සහිතව ඔහුට කීවා..
ඒ එක්කම පාරෙ ගිය කීප දෙනෙක් අප වාහනය අසල නැවැති ඇහුවෙ..
මහා කටකාරයෙක් වූ අරවින්දගෙ පිහිටෙන් අපි ගුටී නොකා ගියා...
පදවි ශ්‍රි පුර වැඩ කරපු අපි වැඩ අවසන් වත්ම යාමටසිදු වුයෙ පදවි වැව අසල ඇති සර්කිට් බන්ග්ලො එකටයි..ප්‍රොග්‍රැම් එකට හැමොම ඇවිත් හිටියා.
කළමණකාරිත්වයද පැමිණ සිටි නිසා එහි උත්සවයක් වාගෙ පෙනුණා.
ඒ සමගම දැක්කෙ,සර්පිනාවක්ද,ගිටාර් කිහිපයක්ද,තබ්ලාවක්ද සමග කිහිප දෙනෙක් සංගීතය දෙන ආකාරයයි.පුරුදු ගල්පැන් වෙනුවට එතන අමුර්තය බදු බීම...
ආහ්.., කෝ කට්ටියා එන්න..මෙ..මේවා ගන්න..
නා නාප්‍රකාර බීම,බයිට්ස්...ඒ අතර ලාමක මියුසික් හඩක්...
ආදරියේ රුචිරාණනියෙ.......
පන වාගෙ හිටියාට....
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්...
යනාදි පැරැණි ජනප්‍රිය ගීත....
ටික වෙලාවකින් පැදුරෙ වාදක මඩුල්ල පොඩි රෙස්ට් එකකට නැවැත්තුවා..
පදවි වැවට අහස කඩා වැටිල තිබ්බ මේ වෙලාවෙ වැවෙ වතුර මතුපිට දගලන සදත්,තරුත් දිහා බලාන හිටපු මට එක පාරටම මේ නවත්තපු සංගීතයෙ අඩුව තේරුණා...
පැදුර ලගට ගිය මා එහි තිබු ගිටාරය අතට ගෙන.....
දැන් තියෙන්නෙ අතුරු කවි වාරයයි කියමින් ගිටාරයද වයමින්..
තබ්ලාව වයමින් සිටි වාදකයා "මතට තිත"තියා තිබු නිසා මා ඔහුට කීවා
ගහන්න අයියා..කට්ටිය එනකම්.....
ගහපන් මලයා..කිසි අව්ලක් නැ..මටත් දැන් මහන්සි බන්,,කියමින් ගිටර් වාදකයාද අවසර දුන්නා..
ඒත් මාගෙ පෙර පිනටද කොහෙදො මිනිත්තු කීපයකින් මා එත්නින් ආවා..
පහුවදයි දැනගත්තේ අදාල ගිටර් වාදකයා ලන්කාවෙ හොදම ගීත කීපයකට මියුසික් කරපු අ'පුරෙන් බිහිවු දක්ෂ සංගිත රචකයෙක් බව..
***********************************************************************************
වැව් මාලු කමින්, වැව් වල නාමින්..,වතුර ඈලවල් ගානෙ නාමින් ඒ ඒ තැන් වල ගල්පැන් රස බලමින් ගෙවු වසරක් වැනි සුන්දර මෙන්ම ජීවිතයට මහත් අත්දැකීම් එකතු කරපු අ'පුරෙ ජීවීතයට නැවැතීම තියන්න වුනෙ
මාගෙ වැඩ ගැන හොදට බාලාන් හිටපු කෙන්කෙගෙන් ලැබු සුහද ආරාධනයත් සමග අලුත් කම්පැනියක ගෙදර ඉදන් වැඩට යාමට ලැබුනු චාන්ස් එකත් එක්කයි..
අවුරුදු 5ක් විතර ගෙදරින් පිටම හිටිනිසා ඒ ආරාධනයෙන් මා ඓතිහාසික අතුගල්පුරයෙ සිට රැකියාවට යාමට සුදානම් වුවා..
ඉතින් ඒත්යන එක්කම මම අනුරාධපුරයෙ කියන මාතෘකාවත් එක්ක ලියු මෙ පොස්ට් මාලාව සතුටින් නිමා කරනවා.

නැවැතත් මුල ඉදන් කියවන්න හිතෙන අයටයි මෙ ලින්ක් දෙන්නෙ..
1
2
3
4
5

Wednesday, August 17, 2011

හෝම් මේඩ් සැන්ඩි(මම අනුරාධපුරයෙ)

ඉතින් ඔන්න මාගෙ කතාවෙ ඉතුරු ටික ආයෙත් පාටන් ගන්නව..
එදා තිසා වැව ලග උදුවඩේ කකා ඉදිද්දි එක පාරටම ආපු කොල් එකක් නිසා ..බෝඩිමට යන්න ගියා.මාත් එක්ක ගිය මාගෙ මිත්‍ර රත්නය උගෙ බෝඩිමට ගියා..
මගෙ බෝඩිම තියෙන්නෙ යාපනෙ පාරෙ තියන FMTC එකෙ නොවැ..
බෝඩිමට යන්න කලින් තියෙන (අපෙ බෝඩිම ලගම) අනෙක් බෝඩිම පැත්තට ඔලුව හරෝන යනවා..
ඒයි....පොඩ්ඩක් හිටාපාන්.......
ගයා..පොඩ්ඩක් වරෙන්කො මෙහාට..
ඒ මාගෙ තවත් මිතුරෙකුගෙන් ඉල්ලිමක්..ඇත්තටම මිතුරෙක් කීවට මිතුරෙක් ම නෙවෙ..
ආහ්.ඒ කතා වැඩක් නැ
මන් ඉතින් ඉන්න එතෙන්න ගියා...
කට්ටිය 4ක් විතර එතන..මාගෙ මිත්‍රයා තරංගත් එතන..
මේ..මොකද කරන්නෙ..මෙහෙම ඉන්න කම්මැලියි බන්..
අපි මේ උබ එනකන් හිටියෙ..ඒත් පරක්කු නිසා තමා කොල් කරේ...
ම්ම්ම්ම්හ්..කියන්න යන දේ මට හොදටම තෙරෙනවා..
ඊයෙත් බොමුද අහද්දී මග ඇරියා..ඒත් මන් අර කියපු මිත්‍රයා නම් පොඩ්ඩක් ගෙනල්ලා ගැහුවා..
මැන් ට අපි පොඩ්ඩා කියමුකො..
පොඩ්ඩා කියපි..
මන් අර ඊයෙ ගෙනාව බාගෙන් තව ටිකකුත් තියනව.අපි තව ටිකක් ගෙනල්ලා සෙට් වෙමු..
ම්ම්හ්හ්..
අනේ එහෙනම් ගිහින් අරන් වරෙන්කො..
මෙන්න සල්ලි..උබෙ ගානත් දාපුවාම ඇති වෙයි..
ඔකේ..එත්කොට සැන්ඩි...බයිට්ස්..
බයිට්ස්............මෙහෙන් හදා ගත්තැකි..සැන්ඩි නම් තියනවා..
මොනාද තියෙන්නෙ මන් පොඩ්ඩාගෙන් ඇහුවේය..
සොඩා..
මන් හිතුවෙ පොඩ්ඩ එයෙ ගහපු එකෙ ඉතුරු ටික වෙන්නැති කියලා..
නියම සොඩා එකක්..හොම් මෙඩ් සොඩා..
ඔන්න ඉතින් මන් ආයෙත් පුරෙට ගිහින් ගල්පැන් ටිකයි..බයිට්ස් ටිකයි අරන් ආවා..
උබ ආවද?අපි එහෙනම් ඉක්මනට සෙට් වෙමු.අද "කරුණෙ"ත් එනව.සින්දුවක් කියලා ෆ්න් එකක් ගත්තැකි නේ..
හැමෝම ඔන්න ලහි ලහියෙ රවුම වටෙ ඉදගත්තා..
ඉතින් කෝ සැන්ඩි..මන් ඇහුවා..
අනේ බන් ගෙනාපන්කො..පොඩ්ඩා කිවාම මන් ඇහුවෙ කොහෙද තියෙන්නෙ කියලයි..
අර බන් අපෙ කුස්සියෙ ඇති..
මෙවට අපි බොඩිම් කීවට මෙවා ඇත්තටම රජයෙ නිවාසනෙ..එක නිසා සේරම තියනවා.
මාත් ඉතින් කුස්සිය ලගට ගිහින් තිබ්බ ලොකු සොඩා බෝතලෙ අරන් අවා..
ඔන්න කට්ටිය සෙට් වෙනව..හැමොම තමන්ගෙ විදුරු වලට දාගෙන "චියර්ස්"කිව්වා.
මාත් චියර්ස් එක දීලා ගල්පැන් පොඩ්ඩක් රහ බැලුවා..
වාක්ක්..ඔවාක්..අම්මො...මටම කියවුන.
ඇයි බන්..නැ අව්ලක් නැ.අමාරුවෙන් ගිලල දාගත්තා..
ඒත් මේ සොඩ එකෙ අව්ලක් තියනවා වාගෙ..මන් පොඩ්ඩා දිහා බලමින් කීවා..
නැ බන්..එන්ගලන්තෙ සුද්දොත් ගහන්නෙ මෙවත් එක්ක..
ඇ..මොනවද මේ එතකොට..ටිකක් වතුර වාගෙ..
වතුර වාගෙ නෙවෙ.වතුරම තමා..පෙරාගත් පීරිසිදු ජලය..
වතුරත් එක්ක බොන්න බැරි නිසා තිබ්බ මාරු කාසි ටික අරන් ගියා සොඩා එකක් ගේන්න..
********************************************************* **********
********************************************************* **********
සුපුරුදු පරිදි ගියේ අප හැමදාමත් යන කඩයට..හැමදාම වාගෙ ඉන්නා කඩෙ කෙලි පොඩ්ඩ එදත් කඩෙ.ටික කලක ඉදන් මාත් එක්ක කුලුපගව කතාකරන නිසා මන් දැක්කාම කටපුරා හිනාවුනා..
මොනවද අයියෙ බැලුවෙ..
බැලුවෙ ඔයාවනෙ..
මන් ඇහුවෙ මොනාද ගන්න ආවෙ කියල..හිනාවිගෙන ටිකක් සැරෙන් වාගෙ ඇහුවා..
ගන්න ආවෙත් ඔයාම තමයි...(චන්ඩියා බඩෙ නිසා මාත් කිසි පැකිලීමක් නැතිව උත්තර දුන්නා..)
ඒවනම් හදෙ තමයි..ඇ අහක බලන හිනා වීගෙන කීවා..
අනේ ඇත්තද ලදේ..
ඒක නෙව්යි කො දෙන්න..
මොනාද??...
මන් දැන් කීවෙ..
අහ් ඉන්න මන් තාත්තට කතාකරන්නම්..
ඒ මොකටද..
ඔයා මන් ගන්නනෙ ආවෙ.ඉතින් තාත්තගෙන් අහගන්න මගෙ ගාන කීයද කියලා..කටකාර කෙල්ලගෙ උත්තරය.....
අවසානයෙ සොඩා එකක් ගත්ත මන් සල්ලි දුන්නා..
කො..මේ රුපියල2ක් මදිනෙ..
හරි මන් එන හෙට දෙන්නම්..
අයියො...අයියෙ සොඩා එකක් ගන්න සල්ලි නැතුවද මේ මන් ගන්න ආවෙ..
***********************************************************************
***********************************************************************
මන් සොඩා එක අරන් පොට් එකට යද්දී කට්ටිය වැඩෙ දෙනවා..
හොදටම සුර්... වෙලා
පොඩ්ඩ ජපානෙන්ම ගෙනාපු මැන්ඩලින් එකයි,කරුණෙගෙ ඩොලෙයි අරගෙන සින්දු ගහනවා..
සිරියමි සාරා..
සුරතලියේ...සුකුමලියේ....
දොල ලග ගුරු පාර දිගෙ ඒවි..
වාගෙ පැරණි ගීත තමා ඈහුනේ..
ඇත්තටම ඒ ඩොල වාදනයයි,මෙන්ඩලින් පාරයි මාර විදිහට නැගල ගියෙ..
නියමම පැදුරු සාජජයක් උනා..
අවසානෙ කට්ටිය හිටි හිටි තැන් වල නින්ද ගිහින් කියල දැන ගත්තෙ පාන්දරට එන හීත හුළගට ඇහැරිලා බලපුවාම..
අම්මෝ........බීව වාගෙ නෙවෙයි.හෙට උදේට වැඩට යන්නත් එපැයැ..
කියල ඇහැරිලා ගියා මගෙ බෝඩිමට.......

ඉතින් අනුරාධපුරෙ කතාවෙ ඉවරයකටත් එන්න වෙයි වාගෙ නේ.

Tuesday, August 16, 2011

ඒක ලොකු හන්දයි මේ ගානට....(මම අනුරාධපුරයෙ 4)

අනුරාධපුරේදි අප ගෙව්වෙ තනිකරම වාගෙ ස්වයංපෝෂිත ජීවන රටාවකි.
සදුදා ගෙදර ඉදන් පුරෙට යන අපෙ හවස කාලය ගෙවෙන්නෙ සතියට අවශ්‍ය බඩු බාහිර ආදිය ගෙන ඒම පිනිස යන කඩ රවුමෙ නොහොත් ෂොපින් කිරීමෙනි.
මොනවද බං ගන්න වෙජිටබල්..තරන්ගත් මාගෙන් අහනා ප්‍රශ්නය..
ම්ම්ම් තක්කාලි ගමුද.
අපෝ බැ..තක්කාලි හොද නැලු බං..
ඒ මොකද...;
ජමිනෙෂන් බහිනවාලු..පිරිමින්ට කන්න හොදනැ..
තක්කාලි බටු වලට ඔහුගෙ තිබුනේ මේ උත්තරයමයි.මැන් තක්කාලි බටු කැමට කිසිසේත් ප්‍රිය කරන්නෙ නැ..
ඉතින් අපෙ ෂොපින් කෙරුවාවත් අතරමග නතර වෙනව.මොකද මැන් කන්න කැමැති දේවල් උයන්න දන්නේත් නැ.
කොහොමත් උයනව කියන එක ඒකාලේ නම් ගේමක් නෙවෙ.තුන පහෙන් මට ඔනා වෙන්නෙ තුන විතරයි.
ඒක තමා අපෙ ඇනෙක්ස් ජීවිතෙ උනෙ.
ජොබ් එකේ වැඩ අඩු කාලෙට මාගෙ ප්‍රියතම විනෝදාංශය වලින් එකක් උනෙ පුරේ වටේ රවුමක් යන එක.අනිත් එක නම් ඉතින් හොදට නිදාගන්න එක.නිදාගන්න මටනම් උදෙ,දවල් රැ කියල කිසි බේදයක් නැ
දෙයියන්ගෙ පිහිටෙන් තාමත් ඒ හැකියාවනම් තියනවා.
අනුරාධපුරෙ රවුම් ගහන මං නවතින ස්ථාන අතරින් ප්‍රධාන තැන් වන්නෙ රුවන්වැලි සැය,තිසා වැව වාගෙ ස්ථාන.කවුරු හො යාලුවෙක් එක්ක හවස 4 ට වාගෙ පිටත් වන මන් රුවන්වැලි සැය ලග ඉදගෙන පාමුල සිට කොත්කැරැල්ල දක්වා ඔහෙ බාලන ඉන්න එක විනෝදාන්ශයක් විය.
සමහර වේලාවට සියල්ල අමතක වි ඉස්සර කාලෙ දාගැබ හදන මිනිස්සු මැවි මැවි පේනවා.
වැරැහැලි උනු අමුඩයක් ඇදගත්ත උඩුකය නිරාවරනය වු මහා කලු මිනිස්සු ඒ මේ අත ඇවිදින අයුරුත් ඔවුන් යුහුසුලුව වැඩ කරන අයුරුත් මා හට මැවි මැවි පේනවා
රුවන්වැලි සැය වටා තියෙන මල්,හදුන්කූරු සුවෙදුනුත් ඒ වාගෙම දැල්වෙන පහන් වල තෙල් සුවදත් මගෙ නාසායෙ සිට ඉස්මොල්ල දක්වාම දැනෙන තුරු මා එහි නතර වී සිටිනවා..
තිසා වැව ලගට ගියොත් නම් ඉර බහින තුරුම ඒ අසල නැවතිලා බලාන ඉන්නෙ ලා ඉර එලිය වැ වතුරට වැටිලා හදන රටා දිහා බලා ඉන්න තියන අසාවටයි,වැවලගින් ඇගට දැයෙන සීතල සුළගටයි තියෙන පෙරේත්කමටමයි..
ලා ඉර එළිය වැවෙ වතුරට වැටෙද්දි වැවෙ වතුර ලා තැඹිලි පාට වෙනවා.ඒත් එක්කම එන මද හුලගට ආයෙත් ඒ වතුර තාලෙට නටද්දි දෙන්නෙ මාරම සිරා හැඩතලයක්..
ඒහා මෙහා ඇත පෙනෙන නොපෙනෙන තරම් වු ඒ මහා ජලකද කී දෙනෙකුගෙ සිත සනසනවද?පිපාසය නිවනවද?ඒ වාගේම නොයෙක් අකාරයෙන් බඩ පුරවනවද?..
දවසක් තිසා වැව ලගට ගිය මායි මාගෙ තවත් මිත්‍රයෙකුයි වැව අයිනෙ තිබ්බ ගහක් ලග බයික් එක නවත්තගෙන ඔහේ කයියක් දාගෙන හිටියා..
පැයක් වාගෙ කතාව දාගෙන හිටපු නිසා මට හිතුනා මොනව හරි කැවොත් හොදයි කියල..
ටිකක් වට පිට බැලුවා........
අහ්..අර ඉන්නෙ වඩෙ විකුනන පොරක්..මන් පොර ලගට ගියා..
පොරගෙ වඩෙ විකුනන ඇවිදින කඩේ හිස් වී ගෙන එන වෙලාව..තවත් පරිප්පු වඩේ වගයකුයි.,උදුවඩෙ වගයකුයි ඉතිරිව තිබ්බා..
එතෙන්න ගිය මට හිතුනෙ
උදුවඩයක් කමු නේද කියන එකයි..
අයියා.....මට වඩෙ 4ක් දෙන්න..
ඔය මිරිස් වලිනුත් දාලා දෙන්න..
වඩේ විකුණන අය වඩෙ ගෙඩියෙන් බාගයක් වෙන්න දෙකට කපලා මැදට මිරිස් පෙස්ට් එකක් දාල දෙන්නෙ.එතකොට තමා වඩෙ එකේ නියම ටෙස්ට් එක එන්නෙ..
අහ්,.. මෙන්න ඔයාගෙ වඩේ..
එතකොට ගාන කියද..මන් ඇහුවා..
රුපියල් 40 යි නෙ..
ඇ...මොනවා මේ ගිය සතියෙ තිබ්බෙ වඩයක් රුපියල් 5ට..ඒකටත් කෙලවිලා වාගෙ..මන් තනියම හිතුවා..
ගාන වැඩි උනාද උදු වඩේ වලත්..
ඔව් වැඩි වුනානෙ..නැත්තම් අතිනුත් පාඩුයි අපට..
බොහො උදුවඩේ වල වාගෙම මෙකෙත් මැද හිලක් තියන්වා..
ම්ම්ම් මන් අහල නම් තියෙන්නෙ ලාබ බඩුවෙ හිලක් කියලා.ඒත් මෙච්චර ලොකු හිලක් තිබ්බත් අයියාගෙ වඩේ එක ගනන් ගියානේද?....කියමින් මා සල්ලි දුන්නේය..
ෆුට් සයිකලයක බ්‍රෙක් පලු දෙකක් වාගෙ වු තොල් සගල විලිස්සා කහපාට දත් දෙක එලියට දාලා හිනාවිගෙන මට ඉතුරු සල්ලි දෙන ගමන්ම අයියා කිවේ
හිල ලොකු හින්ද තමා ඔච්චරවත් අඩුගානට දෙන්න පුලුවන්..හිලපොඩි නම් ඉතින් තවත් ගාන වැඩිවෙනවා..
ඒත් එක්කම ආපු කොල් එකක් හින්දා ඉක්මනටම බෝඩිමට එන්න වුනා..




Monday, August 15, 2011

හැ:කො ගෙ දුකට සකී



හැකො
ජීවීතේ නැහැ ඵලක්
තනිකමේ නැහැ නිමක්
වරෙන් යන්නට ටිකක්
ඇන ගන්න දෙක තුනක්..

උඹෙ ගාන මගෙ ගානේ
මගෙ දුකත් උබ ගනින්
දැන් ඉතින් අහගනින්
මන් කියන දේ ඉතින්

ඉගෙන ගත්තා සොදින්
ජය ගත්තා ඉලක්කය
වයස දැන් පනිනවා
තවම මං තනියෙන්ම

පැතුපැතුමන් සිතින්
සාගරය වගෙයි බං
හෙලු සුසුමන් නිසයි
සුනාමිය අවේ බන

බැලු දුර දුර ඈත
සදක් පායන තුරු හදට
ජනේලය දනී බන්
කාමරයෙ කෙළවරේ..

සිකුරු හත මට නැත්ද
රාහු කාලය නිමි නැත්ද
මාගෙ පව් නිමි නැත්ද
හිමි කෙනෙක් මට නැත්ද

අතීතයෙ ඒ කතා
කියයි ඔහු ගොතගසා
අද කාලෙ දුක කතා
කියනවා ඉකි ගසා.

සකී
රාහු කාලය ගිහින් නිමා වි ගිය දාට
සිකුරුහත ලැබීලා කෙන්ද්‍රයෙ ඇති දාට
උබෙ කරුමය ඉතින් සේදිලා ගිය දාට
හදක් හිමි වෙයි නුබට එයත් කරුමයක් වෙයි..

වෙරළකට සයුරක්ද
ගගුලකට වෙරළක්ද
හමුවෙනවා වාගෙම
උබෙ මැණික හමු වේවි..

ඉහෙව් දිනයක් ලොවෙ හිමිවෙලා නැතිඋනොත්
කියාපන් මට එවා විදුලියෙන් ලියමනක්
පන්සලක් සොයාලා හොදට දානය ලැබෙන
සිවුරු මිලදී අරන් මා ගානෙ මුදල් දී
සාදු..සාදුයි කියා නුඹ එහිම මහණ කර
අසමි මම බන නුබෙන් අමා මහ නිවන් යන

ප:ලි:මෙහි හැකො යනු හැඩැති කොලුවා යන්නය.නැතහොත් මමය(බලනා)හැකො සහ මිතුරා අතර කතාවකි.
ප:ප:ලි:ආයෙත් අනුරාධපුරේදි හම්බෙමු..

Thursday, August 11, 2011

එයාලා මාගෙ ස්වංවින්දනයත් කඩනවා,(මම අනුරාධපුරයෙ 3)

මම අනුරාධපුරය 1,සහ 2කියවපු අය දන්නව ඇතිනෙ මෙච්චර වෙලා මොකද උනෙ කියලා.ඇත්තටම මේක මීට අවුරුදු 5කට වාගෙ කලින් මන් අනුරාධපුරයෙ හිටපු කාලෙ වුනු දේවල් එක්ක තමයි ලියන්නේ.
එහෙනම් තව ටිකක් අද කියන්නම්කෝ...
ඒ කාලෙ සතියකට එකපාරක් නොච්චියාගම,විලච්චිය,මැදවච්චිය වාගෙ ප්‍රදෙශ වලට අම යනවා..රාජකාරිය ඉවර උනාම ඒ එ ප්‍රදේශ වල පුංචි රවුමක් ගහන්නත් අමතක කරන්නැ..
උදෙට බයික් එක කකුල් දෙක අස්සෙන් ගහ ගත්තාම අයෙ අතාරින්නෙ හවස 4ට වාගෙ.
නොච්චියාගමට ගියොත් එදා දවසෙ වැඩ ඉවර වුනාම නොච්චියාගම වැව ලගට යන්න අමතක කරන්නෙ නම් නැ..එතෙන තියෙන විශාල මාරගහ යට ලැලි කඩෙන් බඩඉරුගු හරි උදු වඩේ හරි කාලා ප්ලෙන්ටියක් ගහන්න මට මාර ආසාවක් තිබ්බෙ.ඒ අතරෙ වැව දිහා ඔහේ බලාන ඉන්න,පාරෙ දිගෙ එක එක මූඩ් වලින් යන ගොවින්,ගෙවිලියන්,විතරක් නෙමෙයි විකාර වු ඇදුම් ඇදගත්තු තුරුණයින්,ගැටිස්සියන් දිහාත් බැලුවා..

ඇත්තටම පිරුණු වැවක් ලගට ගියාම මාර සිසිලක් දැනෙන්නෙ.ගොඩාක් වෙලාවට චන්දන ලියනාරච්චිගෙ සින්දු මුමුනා මුමුනා ඉන්න වෙලාවලුත් නැතුවා නොවෙයි.හැබැයි ඒ වාගෙ වෙලාවකට තමයි කවුරු හරි ඇවිත් මාගෙ ස්වන්වින්දනය කඩන්නෙ මාත් එක්ක තරහකට වාගේ....
ස්වයන්වින්දනය කියල ලියපු නිසා දැන් ඔයාල හිතයි මේකා මොනවද මේ කරල තියෙන්නෙ කියලනේ.
එහෙම හිතුවොත් එයාට මම කියන්නෙ,.. නැ මිත්‍රයා මං තනියෙන් ගන්න ඕනම වර්ගයෙ ආතල් එකකට මා කියන්නෙ මාගෙ ස්වයන්විදනය කියා..
ඉතින් සින්දුවක් මා තනිව මුමුණමින් මා එය විදිනා නිසා එයට මා ඉහල වචනය දුන්නාට වරදක් නැ නේද?‍

බොහෝ විට වැව මත්තෙන් යන බෝහෝ දෙනෙක් මාව අදුරයි.ඒ අය මාගෙ අම්මලා,තාත්තලා,නැත්තම් මාමලාය.නැත්තම් මචං ලාය.
ඒක නිසාවටම බොහෝ විට යන එන ගොඩාක් අය කතානොකර යන්නේ නැත..
පාර දිගෙ නොච්චියාගමට හෝ මැදවච්චියට යන අතරතුර බඩඉරිගු තම්බා විකුණන බොහෝ දෙනා වෙති.මාගෙ උදැසන තේ පානය සිදුවන්නේ ඔවුන් ලගය..
අයියා..මට කිරි පයින කරලක් දෙන්න..
ඒ කිවෙ මහත්තයා,,ලපටි කරලක් නේද??
ඒ ලපටි කරල් කැමට මට මාර ආසාවක් තිබ්බෙ..
එතනින්ම තේ එකකුත් ඇරල දාන මම ආයෙ ගමන පටන් ගන්නවා..
*********************************************************************
*********************************************************************
එදා උදෙන්ම මන් ටවුමෙන් එලියට ගියෙ මොකක්දෝ හදිසි වැඩකට ඇතට යන්න..ඒත් හිරගෙදරින් හිරබත් කාපු නිසාදෝ බඩ කචල්..හිරබත් කීවෙ අර අ'පුරෙ එලිමහන් හිරකදවුරෙ අවුට්ලට් එකෙන් දෙන කැම වලට.ඔය
අසනිලා, නදී ලා එහෙම නම් දන්නව ඇතිනෙ මේක..
බඩ පුල් කචල්..කෝම හරි මැනෙජ් කරගන්න ට්‍රයි කරත් හරි ගියෙ නැ.
ගැහුවා U එක ..හැරෙව්වා ආපහු..ටවුම මැද්දෙන් දැම්ම ධර්මපාල මාවතට..
ඒ කියන්නෙ පරන බස් ස්ටැන්ඩ් එක පාර(මන් හරි ඇතී )
පාරෙ වාහන අඩු නිසා ඇරලා ආවා.
බස් ස්ටැන්ඩ් එක ලගටම ආවා..
මට යන්න ඕනා යාපනෙ හන්දිය හරහා බෝඩිමට..
බස් ස්ටැන්ඩ් එක ලග වුනත් ට්‍රැෆික් එකක් නැති නීසා මන් තවත් වේගය වැඩි කරා..
එක පාරටම ත්‍රිවිල් එකක් පාර හරහ දැම්මා..
මට මාර මල..එහෙන් මල පයින්න ඔන්න මෙන්න.තව මූ මට ඩිස්ටර්බ් කරනවා..
මන් ත්‍රිවීල් එක පහුකරගෙන ගියා..ඉන්නෙ මොකාද කියල බලන්නැතුවම මම එක පාරටම ඌට කිව්වා..
XXY ඔහොමද පාරෙ යන්නේ.මේක උබෙ පාරද?
එහෙම කියනවාත් එක්කම දැක්කා.කොන්ඩෙ අද්දගත්ත පොරක් එක ඩ්‍රයිව් කරේ....
අහ්.. මු.. පරණ ගායකයෙක් වෙන්නැති..මට එහෙම හිතුනා..මූ මාර්ග නීතී දන්නැත්තේ ඒකයි..
ක්ෂනයෙන් මැන් හෝන් එක ගහගෙන මා පස්සෙන් ආවා.මාත් ඇර දාලා ආවා.
තෙරුණා මු එන්නෙ මගෙ කනට කරල සින්දුවක් කියන්න තමා කියලා.
මර්කෙට් ප්‍රදෙශට එද්දින් තේරුණා මූ මාව පන්නනව කියලා..
එක දීග..ට මැන් හෝන් ගැහුවා.පැති කන්නාඩියෙන් බලද්දි පොර මං ලගම..
අහ් ඔවර් ටෙක් කලා..නැවතත් පැති කන්නාඩියෙන් බැලුවා..
පිටුපස පැහැදිලියි..ඉස්සරහ දකුණු පැත්තත් ඉතාම පැහැදිලියි..
ඒත් මාගෙ ජීවිතයෙ ඉතිරි විනාඩි කීහීපය ඉතාමත් අපහැදිලියි..
මැන් වීල් එක නැවැත්තුවා..
මා කල යුතු එකම දේ,,පැහැදිලි ඉදිරි පසෙනුත්,පසුපසෙනුත්,ප්‍රයෝජනයක් ගෙන මාගෙ අපැහැදිලි අනාගත පැහැදිලි කරගැනිමයි..
දකුණට සිග්නල් දැමු මම ඉතාවේගයෙන් මර්කට් ප්‍රදෙශ අතුලත මාර්ගයකින් පලා ගියේය.
ඉන් පසු ඇතුලේ රවුමක් ගැසු මා මාගෙ මිත්‍රයාගෙ බෝඩිමට ගියේය..
යනකොට බෝඩිමෙ ගෙට්ටුවද ඇරලා තිබ්බා..බයික් එක වත්තේ තිබු කෙසෙල් පදුරක් අස්සෙන් නැවැත්තූ මා ඔහුට කොල් එකක් දීල ඇහුවා..
අඩෝ..පින්තුවා..උබ කොහෙද.මං උබගෙ බෝඩිමෙ..
වරෙන් වරෙන්..මාත් මෙහෙ තාම..මැනුත් බෝඩිමෙ..
මොකෝ උබ මෙ වෙලාවෙ.උදේ වැඩක් තියනවා කියපු එකා..
අද වන්ගුවක්ගුක්ද?(වන්ගුව කියන්නෙ වැඩ නොකර නිවාඩු නොගොස් හොරට ඉන්න එකනේ)
මා සිදුවු සියලු දෙ පින්තුට පැහැදිලි කරා..
තව නූලෙන් උබෙ ජින්තුත් නැනෙ..
මැන් එහෙම කියලා මගෙන් ඇහුව මොකද බඩෙ අමාරුව..
අහ් පොඩ්ඩක් හිටපන්..ඒක ටිකක් අඩුයි දැන්..ඒත් මම..බයික් එකෙ සීට් එක බලලා එන්නම්..
එසේ කියු මා මාගෙ බෝඩිමට යන්න ගියා.එදා ඉතින් වන්ගුව තමා දවසම...

ප:ලි:තාම ඉවර නැ..



නංගි.. මොකක්ද මේ LS (මම අනුරාධපුරයෙ2)

ඉතින් ඔන්න තරංගගෙන් සුහද ආරාධනය පිලිගෙන FMTCඑකේ ඇනෙක්ස් එකට ගියා.ටික වේලාවක් අපෙ පරණ කතා ඇදගමින් ඉන්න අතරේ අදුරත් ගලාගෙන එනවා.
ඒත් එක්කම කට හඩක් ඇහුනා...
අහ් මෙන්න ඔයාලාගෙ පොරක් මෙහෙ..තරන්ග එහෙම කියද්දි මාව අදුනගත්ත කව්දෝ මගෙන් ඇහුවා..
ඒ උබ කොහෙද බන් මෙහෙ
මා එක පාරටම තරන්ගගෙන් අහුවෙ
කව්ද බං මේ..
යකෝ මගෙන් කව්ද කියල අහන්නෙ පොඩ්ඩක් බලපන්..තොපෙ සිනියර් කෙනෙක්...
අහ් මෙ අමිල අයිය්යනෙ
මැන් වෙන කාවත් නොවෙ.මා පහන් පැලෙදි මුල්ම දවස් වල මගෙන් නම අහුවවාම
මන් මචන් ගයාන් කියද්දී,තාත්තගෙන් මට ලැබුනු එකම බූදලය වන පපුවෙ මයිල් ගස්වලින් අල්ලලා උස්සල මාගෙ බර බලන්න ට්‍රයි කරපු පොර..
ඒත් පොර දැනන් හිටියෙ නැ තුත්තිරි ගස් වලින් අල්ලලා පොලොව උස්සන්න බැ කියල.
එදා උනු එකම දෙය මගෙ මයිල් ගස් ටිකක් මැන්ගෙ අතේ ඉතුරුවුනු එක විතරායි.නැතුව මාවනම් හොලවන්නවත් බැරිවුනා..
තවත් ටික වේලවක් කතාකරමින් ඉද්දි දැන ගන්න ලැබුනෙ අපිට පැලෙදි කෘෂිව්‍යාප්තිය,ඉකෝන් වාගෙ ගොඩාක් විෂයන් කරපු සර් කෙනෙක්ද එහි වැඩ කරන බවයි..
ඒ හැමදේ එක්කම අ'පුරෙ මට පුරුදු තැනක් බවට පත්වුනා.
එකම දේ ජොබ් එකෙ ගේම ගහන එක විතරයි.
මාගෙ රැකියාව වුවෙ කෘෂිව්‍යාප්තිකරකයෙක් ලෙස කටයුතු කිරිමයි.ගොවි ගැටලු සමාගෙමෙ නිෂ්පාදන මගින් නිරාකරණය කරගන්නා ආකාරයයි.
මට වැඩ කරන්න වුවෙ මැදවච්චිය,නොච්චියාගම,මහවිලච්චිය වැනි ප්‍රදේශයි.
මහා මානා ලදු/කටුකැලැ එලිපාදා රටට බත හෝ බතට ව්‍යංජනය දෙන මෙ අය හට බොරුවක් කිරිමට සිත දුන්නේ නැත.
ගිනිඅව්වට දහ අතට පැලුනු පොලවෙ අඩිය ගසමින්,ඒ පොලව මතට වැහිබිදුවක් ඉල්ලා දෙවියන් යදමින් ඉද වැටෙනා ඒ වැහි බිදුවට කඩුලුත් දාහයත් එකතු කරමින් අස්වද්දන මෙ අහිංසක ජනතාවට බොරු නොකරන,ආර්ඨික ලාබ උදෙසා බොරු නොකරන ලෙස මා මාගෙ හිතට අණ කරගත්තේය..
ඒ හිතැති හිතත් එක්ක ගේම දිනන්න හදන මට එය අමාරුවක් නම් පෙනුනේ නැත.
විටක ගොවි ගෙදරකින් ලැබෙන කුරුම්ඹා තැඹිලි ගෙඩියක් විය.තවත් විටෙක රස කර සැදු තේ කොප්පයකි.වෙලට ගෙනා ඇඹුලෙන්ද රස බලන්නට වු අවස්තාවන් නැතිව නෙවේ...
ආගන්තුක සත්කාර අතින් ප්‍රමුඛ වන අපෙ වුන්ගෙන් ලැබෙන කිසි දෙයක් ප්‍රතික්ෂෙප කිරීම යුතුකමක් නොවේ..ඒ නිසාවට ඒ දෙවල් බුක්ති විදිමට මාද පැකිලුනෙ නැත..

*************************************************************************************
බෝහෝ විට අ'පුර ටවුමෙ මා ඉන්නවානම් දිවා ආහාරය ගන්නෙ තොරාගත් ස්ථානයකිනි..මතක විදිහට "චාම් රෙස්ටුරන්ට්"
මෙහි ඇත්තේ ස්වයන් සේවා යනුවෙන් ලියාය.අපට අවශ්‍ය දේවල් ලබාගත් පසු තවත් කෙනෙක් ලගට ගිය පසු ඇ අපෙ හැඩහුරුකම හෝ විශේෂ යමක් සටහන් කරගනිමින් අප ගත් දැ පොතක සටහන් කරගනියි,ඒ මගින් අපේ බිල සකස් කරයි.දිනක් මා කැම ගත් විට ඇ මාගෙ සුන්දර වු ගෞරවනීය රවුල සහිත මූන ඇද ගත් හැටි මා දුටුවේය.
යලිත් දිනක් මා ගිය පසු ඇ ඇදගත්තේ සපත්තු දෙකක් සහිත කකුල් කෙටි දෙකකි.මදක් පහාලින් LS ලෙස සදහන් කර මා මිලට ගත් දේ ලියා ගත්තේය..
මා ඒ "චිට්" එක දෙස ඉවසිල්ලෙන් බලුවෙ මේ වතාවෙ සලකුණු කරගත් දේ තේරුම මොකක්ද කියාය.කිසිවක් හිතාගැනිමට නොහැකි වු නිසා ම ඇ ගෙන ඇහුවා
ඒ නන්ගි මොකක්ද මෙ LS
අද ඔයා වගේම රවුල තියන කෙනෙක් දැන් කනවා.ඉතින් රවුල ලකුනු කරන්න බැරි නිසා තමයි මේක ලකුණු කරේ..
ඉතින් මොකක්ද මේකෙ තේරුම..
නැ..,මේක තමා සර් ව අදුණගන්න තියෙන ලේසිම එක.අව්ලක් නැනේ..
අපොයි චුට්ටක්වත්..
ඔයා හරි ක්‍රියෙටිව් නෙ...
එහෙම කියු මා ඒ සුන්දර ආහාරය බඩට කොට ගත්තා..
ඒ අ'පුරෙදී කැම ගන්න මා ආසම කරපු තැනක්

ඉතින් "මම අනුරාධපුරෙ" තවත් කතාටිකක් සමගින් ඉස්සරහට එනවා..
ඒත් එක්කම මාගෙ බ්ලොගයට කමෙන්ට් දාන අයටත්,ෆ්ලො එක දෙන සෙට් එකටත්,විතරක් නෙමෙයි සින්ඩියෙන්,ලාන්කීය සින්ඩියෙන් බලන ඔයාලටත් ගොඩාක් ම තුති..
මේ පැත්තට එන හැමෝම නිසා තමයි ලියන්නත් හිතෙන්නෙ...
ඉතින් ඉන්නව නේද ඉතුරු ටිකත් කියවන්න............