Friday, September 13, 2013

සතපනු මා කන් අඩි සිහිලස දෙවමින්

හෙනහුරාදා එයි ඉරිදට නිවාඩුවත් අරන්
පුරුද්දට වගේ හිත යයි තට්ටය ලගට ඉතින්
වෙව්ලන්න ගනි දෑතම දගලවමින්
අයදී බෙහෙත් කන් අඩි දෙක රත්කරමින්

පර්ස් එක ලාච්චු පිහලා හොයා ගත්තු
දෙසිය මදිවේ බාගයක් ගන්න
දෙනවද සනසන්න කියක් හරි මාව
බෙහෙත් ගේන්න කන් අඩි දෙක රත්වෙන්න

බෝක්කුවේ සොහොන් පිටියේ බොන්න බැනේ
වැඩි උනාම කානු ගානේ ඉන්න බැනේ
එහෙම උනොත් ඔයාගේ නෙත කදුළු ඒවි
ගෙදර ඉදන් කන් අඩි දෙක රත්කරන්නේ

බටු පතෝල වට්ටක්කා කැකිරි කපලා
බලන් ඉන්න ගෙනා බිත්තරෙ අරන්
එකතු කරලා තෙල් ටික්කට දාලා
සැරට දෙන්න කන් අඩි දෙක රත්වෙන්නට

ගේ මිදුලෙ අඹ ගහ යට මද අදුරට
තල්ලු කරල රවුම් මෙසෙ ඒ ඇතුලට
විසී කරල ලැලි පුටුව මෙසේ ලගට
හදල දෙන්න කන් අඩි දෙක රත්වන්නට

අඩිය අඩිය ගහලා බාගෙ හිස් වෙද්දි
ඇස් ලොඹු දෙක රතු කරගෙන ගිනි විසිවෙන
ඉන්න එපා යක්ෂණියක් වාගේ ඔයා
ඩබල් වේවි රත්වෙන එක කන් අඩි දෙක

අඩිය තියලා ගෙට යන්නට බැරිවෙද්දි
දෙන්න ප්‍රියේ දැතම මගේ දැත වෙතට
වත්තම් කර මා ඇතුලට වඩම්මන්න
දෙන්න එපා කන් අඩි රත් වෙන්න මගේ

මයි මනි,ගල් බාගේ ගහලා වැඩි උනාම
මයි බඩ කැරකෙයි ටිකක් වැඩි වැඩියෙන්
මයි වමනය උබේ ඇගේ ගලා යද්දි
දෙන්න එපා කන් අඩි රත්වෙන්න මගේ

මෙත් මුදිතා කරුණාව දයා මොදු කරන්
ඔයා ඉන්න දෙහි ගෙඩියක් දෙකට කපන්
ඔළුව පුරා ලයිම් සුවද පතුරවමින්
සතපනු මා කන් අඩි සිහිලස දෙවමින්

Thursday, May 30, 2013

මගෙ මැනිකෙට

කිවුල් දියෙන් නා හිස තෙත පිරි මැද
දරුවන්ටත් කිරි කටක් පොවාලා
ගොම මැටි ගෙබිමේ පැදුරක් එලලා
වහලේ සිදුරෙන් මාව හොයනවද

නොහඩන් මැනිකේ කදුලු හලාලා
එන්නම් හනිකේ කහවනු අරගෙන...

පාසල් ඇදුමට සපත්තු නැතුවම
බත්මුලේ සම්බොලය තනිවෙද්දී
දරුවන්ගේ නෙත් කදුලු පිරෙද්දි
කොහොමද මැනිකෙ ඉන්නෙ උහුලන්
ඒකයි මැනිකෙ ආවෙ දුරු රට
නොහඩන් මැනිකෙ කදුලු සලලා

ගොවිතැන් කරලා රජ වෙනු බැහැනේ
වැසි දෙයියො උරන වෙනවනේ
කාන්තාරේ මෙහෙ සුදු වැල්ලි අතරින්
කදුලුවලින් කහවනු බෙරාගෙන
එන්නම් මැනිකේ වසර දෙකයිනේ
නොහඩන් ලතැවි කදුලු සලාලා

Saturday, January 19, 2013

මට පුදුමත් හිතෙනවා


මට පුදුමත් හිතෙනවා
ඒ ඔබ හරි පුදුම නිසා
මට පුදුමත් හිතෙනව
ඒ ඔය සිත පුදුම නිසා


කදුලක රහ නොදුටූව දෙනෙත් යුග
කදුලින් තෙත් වෙලා..
හැමදාමත් දිලිසුනු ඔය නෙත් යුග
රතු වී මැළවිලා..
මට පුදුමත් හිතෙනවා
ඒ ඔය සිත මෙලෙක් වෙලා



කවදාවත් ආදෙරේ නැතැයි කියූ
ඔබ මගේ ආදරය පතයි..
මිය යනතුරු නොදකින්න පැතූ 
ඔබ මා සොය සොය ලතවෙයි..
මට පුදුමත් හිතෙනවා
ඒ ඔබ දැන් වෙනස් නිසා