Friday, August 22, 2014

කරවල පුච්චපුවයි බතුයි කන්න බැ අම්මේ"

සදලු තලේ අත්වැටට වාරුදී ඇ මහ මග දෙස බලාසිටින්නිය.ඒ වෙලාව හරි බව ඇ හොද හැටිම දන්නා බැවිනි.
මගේ පෙජරෝ එකේ සුක්කානම මත ඇති නලාවේ හඩද ඇය හොද හැටි අදුනන්නීය.

ටිරි00...ට්‍රි00.., ඒ හඩත් සමගම ඇ පාර දෙස බලා අත්වනන සිනාසෙයි.

ඇ ඇගේම ගෙයි සදලු තලේය..මා පා පැදියේය..ඒ දේවල් කෙසේ වුවත් ඇ ජිවිතයේ දවසේ සතුටු වන මොහොත මෙය බව ඇ පවසා ඇත.

සැමදා මෙන්ම අදත් යාන්තමින් හිනාවුනු ඇය මා ආපසු හැරි කාමරයට යන්නට ගියේය.
ඒ අද දවසේ දුක හිතෙනම මොහොත බවද නිසැකය..,

කතා කිරිමට බොහො දේ ඇත,සිනාසීමට අවශ්‍යව ඇත.ලගින් ඉන්නට ඉල්ලනවා නිසැකය..ඒත් කෙදිනද?

ගොඩාක් ප්‍රශ්න වලට හොදටම උත්තර දිමට හැකි මට,උත්තරයක් සොය ගැනිමට අමාරුම ප්‍රශ්නය මෙයයි.

මා ආපසු හැරිනි.තාර පාරෙන් කිලොමිටර් බගයක් පමණ වු වැලි පාර දිගේ විත් වත්තට ඇතුලු උනෙමි.
අතුලුවනවාත් එක්කම තියෙන උන බම්බු ගෙට්ටුවේ බම්බු දෙක පැත්තකට කර සයිකලය ඇතුල් කලේය.පොල්ගස් අතරින් එහා මෙහා වන්ගු දාගෙන ඇති පාර දිගෙ ගෙ පිලිකන්නට ආවෙමි.

සුදුවෙන් පිරුණු වතු සුද්ද ගසට හද ඇවිත් හරිම ලස්සනයි.මා බයිසිකල් පොල්ලට පස්ස හෙත්තු කරගෙන ඒ දෙස බලා හිටියෙමි.
අනේ එයත් හිටියනම්.අත් දෙක අල්ලන් ඔහේ බලාන ඉන්න.
.ඵලක් නැතිදේ සිතිම කල් මැරිමකි.මටම සිතුණි.මා සයිකල නැවතිමට සුපුරුදු ස්ථානයට ගියෙමු.
හද එලියට සුදු පාට බිත්තිය දිලිසෙන්නේය.හැමදාම සයිකලය නවත්තන තැන විතරක් පළුදු වී මැටි එලියට විත්ය.
තාත්තා දැක්කොත් ඉදලා හමාරයි.හෙටම හුනු ටිකක් ගෙනත් අතුල්ලන්න ඔනා..මට සිතුණි.

කාට නැතත් තාත්තාට මේ ගෙ මාලිගාවකි.

සුපුරුදු ස්ථානයේ සයිකලය නැවැත්තු මා ඉදිරිපස දොර වෙත ගියෙමි.
අඩවන් කර තිබු දොර තල්ලු කලෙමි.
ජරා...ස්..ඒ දොර හඩය.
මොකද කොල්ලෝ ඔය..ඕක උස්සල ඇරපන්.

හිරිකඩ වැදි දිරා ගොස් ඇති දොර කැඩෙන මොහොතක තිබුනේය.

මා ස්තෝප්පුව ගොස් පුටුවෙ හිද ගතෙමි.මොහොතකින් මා ඇ ලගට ගියෙමි..

ඒ සමගම අම්මා.."උබ දැන්ම කන් නැතැයි"

මොනවද අම්මේ කන්න තියෙන්නේ"

හුනුසලේ බතට කරෝල කර කරලා පොල්සම්බොලෙයි

කරවල ප්පුච්චපුවයි බතුයි කන්න බැ අම්මේ" මට ඉබෙටම කියවිනි.

ඒ මොකෝ ඒ"  නැ අම්මේ මන් නිකන් කිවේ,,.අම්මා දන්නවනේ මම ආසම කැමක්නෙ ඔය.

මා පිගානට බත් හැන්දක් දා ගත්තෙමි.

සදලු තලේ ඉන්න ඔයයි,පුන්චි පැලේ ඉන්න මමයි කවදානම් හමුවේද..,

අපි දෙන්නා හරියට සදයි මලයි වගේ.
කවදාවත් එකතු වෙන්නැ...එත් සද කිරණින් මලක් ලස්සන නම් වෙනවා..


සදයි මලයි යාළුවෙලා
සද හරියට උඩගු වෙලා
සද ඇතයි..මල නටුවෙයි..
ලන්වෙන්නට බැරි දුරකින්

සදළුතලේ ඔයා ඉන්න
ඈත ඉදන් බලා ගන්න
සද කිරණින් ඔකද වන්න
කඩුපුල් මල් කුමාරියේ

සොබා දහම අරුමයක්ද
ගෙනෙන අරුථ පුදුමයක්ද
කිසිම දාක ලන්නොවෙනා
සදයි මලයි අපි දෙන්නද


2 comments:

  1. බිංදුව ටයිප් කරන්න ලොකු ගේමක් දෙන්ඩ වෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. බින්දුවෙන් ගොඩ එන්න තමා හැමදාම ගෙමක් දෙන්නේ.මොකො හැමෝම බලන් ඉන්නේ බින්දුවට දන්නනේ.

      Delete