එරන්දියේ නුඹට ගෙතුව ආදර මල්දම්
පලදවන්න කලින් මෙන්න පරවෙලා ගිහින්
වන්නියෙ අව්වට තැවෙනා රූපය මනරම්
පැහැය ගිහින් නැහැ නොවෙදෝ තාමත් රන්වන්
ගිනි අව්වට තඹ ගැහුනු කෙහෙරැලි මනරම්
අකීකරුව නුඹෙ හිසට දගලන සුලගේ
සිනා තෙපුල් සැළෙන ලෙසට නැළවෙන දැසයි
මගේ සිතට ගෙනත් දුන්නෙ ලියන්න කවිකම්
ටිකිරි සිනා ලග කෙනෙකුන් කියාද හිමිකම්
එහෙම නොවි තාමත් ඔබ ඉන්නෙද තනියෙන්
එහෙම උනොත් දෙන්නම් මා ඇරයුම මනරම්
පින්වන්තිය වෙනවද මට කියන්න හිමිකම්
ටුනාලන්තේ පහු කරගෙන
ReplyDeleteඑරන්දියට මල් අරගෙන
ඇරයුමකුත් හදේ හොවන්
වන්නියටම ආවද මෙතුමන්...
ලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDeleteඅයියා ලියපු කවියක් කියවපු පලවෙනිම අවස්ථාව මේකද කොහෙද.
නන්ගි
ReplyDeleteමාත් මලක්
ඔයත් මලක්
නන්ගි
මම මලත්
ඔයා මලත්
මේ මල මැරෙන්නෙ නෑ
මෙක ප්ලාස්ටික් මලක්
මොකට පර වෙච්ච මල් අරගෙන ගියාද රුකා අයියා ප්ලාස්ටික් මල් තියෙද්දි..........