ආදරණීය අම්මාගෙ උනුසුම් තේ කෝප්පයක මෙන්ම,
රසවත් බත් පිගානක රස බලන්න..
තාත්තාගෙ ජයග්‍රාහි සිනා දකින්න..
පොල් රුප්පාවෙ ගස් අස්සෙ..කන්දෙ ගල් ගානෙ ඇවිදින්න..
දැදුරු ඔයේ නාන්න..
"කරුමෙ"ගෙ ආදරණීය සිනහා දකින්න...
එයාගෙ දිලිසෙන ඇස් දෙක දිහා බලාන ඉන්න
කෝච්චියෙ ගමනක් යන්න..
ඒ විතරක් නෙමෙ....
අර රේල් පාරට එහා පැත්තෙ කුඹුරු යාය මැද්දේ තියෙන
තඩි දන් ගහ යට හෙවනෙ..
කඩල ඇටයක් කකා යාලුවොත් එක්ක ගල්පැන් ටිකක් රස බලන්න..
ඊට පස්සෙ වෙල්යායට පහලින් තියෙන අැලේ බැහැලා
ඇගේ ගිනියම අඩුවෙනකන් පාවි පාවි ඉන්න
ඔන්න මන් යනව මාගෙ රට,ගම බලා
කෝ මෙ ටිකට් එක..
දැන් මෙලහටත් කොන්දා ගැ ගහනව ඇති
මාලෙ ..කලම්බු...,මාලෙ කලම්බු..
මග නැ මාලේ කලම්බු ........
කියාන,අර වාත බස් එකෙ දොර ලගට වෙලා..
එහෙනම් මාත් ඔන්න බ්ලොග් එක ලැප් එකෙ අකුලන් යනෝ.....
පොඩ්ඩක් හිටපියෝ....,මන් එනෝ....
සුබ ගමන්.......
ReplyDeleteමාෙලට ෆට්ට කෝලින් චාජ් කිරිල්ලක් නොවැ කරන්නෙ..
ReplyDeletewaren... waren..
ReplyDeleteඉක්මනට එන්නෝ..චොකෝ දිය වෙනවෝ...හික්ස්
ReplyDeleteමවුබිමට පිළි ගන්නවා ආදරෙන් සහෝ...
"අනේ උබට පුලුවන් වුනානන්...............................ඔය මල්ලකවත් ඔබන් එන්න.මගේ ඇහෙත් මේ කදුල වෙනුවට හිනාවක් තියේවි අයියන්ඩි, මූන පිරෙන්න...සුවද පිරුණු කඩ දහි කොළයක් ඇති ඉක්මනට අරන් වරෙන්...ඒ සුවදත් ඇති මට නාඩා ඉන්න"
දැන් ඉතින් මම කැන්ටිමට යන්න කාත් එක්කද දෙයියනේ.............
ReplyDelete@ අසනි
කිලෝ සීයක් බෑග් එකක දාගෙන යනකොට තව ටිකට් දෙකක විතර දඩ වදී රුකා අයියාට
කොහේ ගියත් ආවත් ලියනු මැන..
ReplyDeleteමාත් රට ඉඳල නිවාඩුවට ඇවිත් ඉන්නේ!කොහේ ගියත් ලංකාවේ යාලුවෝ එක්ක එක කොත්තුව දෙකට බෙදන් කාල ප්ලේන් ටී එකක් ගහනවා වගේ සැපක් නෑ බං!
ReplyDelete@චාලි
ReplyDeleteඒකනේ සහෝ පුලුවන් උනානන් කිව්වේ..."උසට සරිලන බරින් යුත් වීමටත් පින් ඕනෑය...."
ඇයි ඔය කැන්ටිමට පාර දන් නැද්ද.....හික්ස්...අම්මෝ කන් නැතුවම ඇති....
සුබ පැතු සියලු දෙනාටම ස්තුතියි...
ReplyDeleteසබීත්ටත් ගොඩක් තැන්ක්ස්.
වැඩ ටිකක් ඇඩුවුනාම ආයෙත් ලියන්නම්.......
ගිහින් එන්න අයියා.
ReplyDeleteලස්සනට පද බඳලා තියෙනවා.