දස මාසෙ කුසෙ දරා
ලේ කිරිකර පෙවු නිසා
මව් සෙනහස මතු බුදු වේ
පොතේ ලියා තිබු නිසා
දොහොත් මුදුන් තබා සොදින්
ඇගෙ පා යුග අත ගසලා
අපෙ අම්මට මා වැන්දේ
මතු බුදු වන්නට පතලා.
මටම දාව දරුවන් දි..
ලේ කිරි කර ඇය පොවද්දි.
බුදු පොතේ ලියා තිබු කවියයි
මට මතක් උනේ....
කල්පයටම එක් කෙනයිලු
මෙ ලොකේ බුදුවන්නෙ.
මොන අම්මද බුදුවන්නේ
මට නම් නැහැ තේරෙන්නේ
නුබ හැදු වැඩු නුබේ මවුට
ReplyDeleteපින් පිට පින් පමුනුවන්න
මතු බවයක බුදු බව ලබන්න
මගෙ නෑ කිසි අමනාපය
බුදු වන්නට නොපැතුවාට...
නුබේ දෙපතුල් වදින තැනක
ඉන්න එකයි එකම නිවන
මතු නුබෙ මවු බුදු වෙද්දිත්
වෙන්නම් මා නුබෙ බිරිදම
නුබේ ලෙයට ජීවය දෙන...