ලන්කාවෙ නිරිත දිග මුහුදෙන් ගුවන් සැතපුම් 800 පියාසර කරගෙන එන අපිට හමුවන්නෙ පුන්චි දුපත් සමුහයකින් සමන්විත වු මාලදිවයින නම් රටයි..,
Maale කියන(දුපත) නගරය අග නගරය කරගත් මෙ රට ඇත අතිත්යෙ පටන් ශ්‍රි ලන්කවාත් සමග ඉතා කිට්ටු සම්බන්දතා දක්වයි.
Atoll 16 කින් සමන්විත වු දුපත් 1200ක් විතර මෙ රටට අයිතිවේ..ප්‍රදාන වශයෙන් දුපත් 200ක් පමණ දැනට ජනවාස වි ඇති බවටයි මටනම් දැනගන්න ලැබුනෙ.
වර්ග කිලොමිටර 90000ක් පුරා දිවෙන මෙ දුපත් නිසා ලොකයෙ වැඩිම වපසරියක් හිමි රටවල් අතුරින් එකක් වේ.මහාවන්ශයෙ Mahiladiva නම් වු නමින් හැදින්වු මෙ රටට වසර 2000ක පමණ ඉතිහාසයක් ඇත.
සන්චාරක ව්‍යාපාරයත් මසුන් අශ්‍රිත කර්මන්තත් ප්‍රදාන අදායම් මාර්ගය කරගත් මෙ රටෙ ප්‍රදානම ව්‍යාපර ඒ හා සම්බන්දව බැදි ඇත.
මාලදිවයිනෙ බසාව.
ඉපැරිණි සින්හල බසාවට සමානකමක් දක්වන මාලෙ බශාවට නම් දි ඇත්තේ dhivehi කියාය.බසා 10ක අන්තර්ගතයක් නිසා මෙයට ඒ නම දි ඇති බවට සමහරු කියයි.සින්හල,පාලි සන්ස්කෘත,හින්දි.දෙමළ,වාගෙ බසවනුත් අරාබි බසාවත් මෙහි අඩන්ගු බවට ඒ අය කියනවා.ඒ කොහොම වෙතත් සිනහල බසාව එහි අඩන්ගු බවට සිනහල දන්නා අපට තෙරෙනවා.
ටිකක් සමාන වචන කිහිපයක් කිවොත්.......
කනවට= කනි,බොනවට=බොනි,නිදනවට=නිදනි,ලේ=ලේ
ඒ වගේම පට්ටි දානවට කියන්නෙ පට්ටි ජහනි කියලයි.
ඉලක්කම් ගණනයත් බොහො විට ලන්කාවෙ අපි ගනන් කරනවට සමානයි.
එක=එකෙන්,දෙක=දේන්,තුන=තිනෙන්,හතර=හතරෙන්,ෆහෙන් වාගේ තමයි ගනන් කරන්නෙ.
මුහුදට මුහුදමයි කියන්නෙ.
තව ගොඩාක් සමාන වචන තියනවා කොහොමත් සිනහල බසාවෙන් 40% ක් නම් අනිවාර්යෙන් තියනවා.ගොඩාක් කතා කරන විදිහ අපෙ දකුණෙ අය කතා කරන විදිහට සමානයි...
අහාර වර්ග
කෘශිකර්මන්තයක් දැකිය නොහැකි මාලදිවයිනෙ වගාවන් තිබුණත් එය ඉතාම සිමිත වේ.ඒක නිස මෙයලා එළවලු ගෙන්නෙ ලන්කාව,ඉන්දියාව වාගෙ රටවල් වලිනුයි.ඒ වගෙම මෙයලා එළවලු කන්නෙ බොහොම අඩුවෙන්.
ලන්කාවෙ අපෙ හැම ගේකම වගෙ පොල් සම්බොලෙ වරදින් නැ වගෙම මෙයලටත් ආවෙණික වු කැමක් තීයෙනවා.ඒ තමයි ගරුදිය කියන්නෙ. Garudiya (ގަރުދިޔަ)ඒ තියෙන්නෙ දිවෙහි අකුරු වලින්ම ගරුදිය ලියන විදිහ.
ගරුදිය කියන්නෙ මොනවද කියල දැනගන්න ඔනෙ වගෙ ඔයාලට හිතෙනවා ඇතිනෙ.එහෙම නෙද?
Tuna(කෙලවල්ලා/කෙන්දා) පොඩියට කැලිවලට කපාගෙන,හොදට හොදලා ලුණු ටිකක් දාලා හොදටම ඉදෙනකන්/තැම්බෙනකන්(Untill its well cooked) තියල ගන්න තැම්බුමට තමා ගරුදිය කියන්නෙ(හරියට අපි දෙල් තම්බනවා වගේ
සමහරු නම් මෙකට ලුනු ගෙඩියක් ලියල දානව.සමහරු කරපින්චා,වෙලපු මිරිසුත් දානව.ඒ කොහොම උනත් නියම ගරුදිය කියන්නෙ අර ටුන කැලි වතුරෙ තම්බල ගන්න දෙට.
මෙයලට ගරුදිය තියෙනවනම්.... අය වෙන මොනවත් ඔනෙ නැ.තුන වෙලම ප්‍රදන කරි එක වෙන්නෙ ගරුදිය.ඊට අමතරව තව බැදපු මිරිස් කැල්ලක්,ලුනු බිකක් බත් එකට එකතු කරගන්නව.ඒ හොදටොම ඇති මෙයාලට.
ගොඩක් වෙලාවට මොල්ඩිවියන්ස් ලගෙ උදෙ අහාරය වෙන්නෙ රොසි එක්ක ටුනා හොද්දක් හරි,ගරුදිය හරි.රොසි කියන්නෙ මොනවද...,රොසි කියන්නෙ පාන් පිටි වලින් හදන රොටියට.ඒකට අපි වගෙ පොල් දන්නැ.පත්තර පිටුවක් වගෙ තුනිවට හදගෙන රත් කරගන්නව.දවල්ට බත් සමග ගරුදිය.රැටත් එහෙමඉ.සමහරුනම් තුන් වෙලම රොසි ගරුදිය.මන් මුලින් කිව වාගෙ මෙයලගෙ ප්‍රදන රැකියාව වෙන්නෙ මසුන් මැරිම නෙ.ඉතින් මාලු ගාන අඩු වාගෙම හමදාම වාගෙ ගන්න පුලුවන්.ඒක නිසා තමා මෙයලා ගරුදිය කන්න පුරුදු වෙලා තියෙන්නෙ.බොට්ටුවෙ උනත් උයාගන්න ලෙසියිනෙ.
මෙයලගෙත් තියෙනව සොටිස් වර්ග කඩවල් වල.ඒවට කියන්නෙ බදියා කියල.තව ගුලා කියලා වර්ගය එහෙමත් තියෙනව.අපෙ එලවලු රොටිය මාලෙත් තියෙනව.එකට කියන්නෙ ලන්කා බදියා කියලාහැම කැමකටම වාගෙ මාලුනම් තියෙනව.ඒ කියන්නෙ සොටිස් වල්ටයි හැමදෙටම.අපි සැමන් සම්බොලෙ හදනව වාගෙ එකක් මෙහෙත් තියෙනව.එකට කියන්නෙ මස්සුනි කියලා.තමබගත්ත ටුනා කැලි පොඩිකරල පොල් මිරිස් එක්ක කලවම් කරල හදාගන්න එකක්.රොසි කන්න මෙකත් මෙයල ගන්නවා.
මාලදිවයිනෙ තාරුණ්‍ය ගැන කතාකලොත්...
බොහොවිට මෙයල යුරොප් ක්‍රමයට ඉන්න ට්‍රයි කරනව.කොල්ලො ගාව බයික් එකක්,හොද මොබයිල් එකක් සහ ල්යිටරයයි,සිගැරට්ටුවයි තියෙනව.සිකුරාදට පෙම්වතියත් ඉන්නව.ඊට අමතර වු මහා සිහින මෙයලාගෙ නැ.මොකද ගෙවල් හදන්නයැ.,වාහන ගන්නයැ..,කො ඒවට ඉඩක්.පුන්චි දුපත් වල.
සිකුරදා හවසට මාලු මරල බබක්‍යු හදන එකත් විනොදාන්ශයක්..
ගොඩාක් වෙලාවට අවුරුදු 17න් වාගෙ පෙම්බදින ගැණු ලමයි 18 වාගෙ වෙද්දි සේරම ටික කරගෙන ඉවරයි.මෙයාලා ඒව ගැන එච්චර හිතන් නැ වගෙ.විවාහ 2,හො ඊට වැඩි ගනනක් කර ගැනිම සමන්‍ය දෙයක්.
එතකොට ගෙවල්...
අපි ඉන්න හුල්මාලෙ එහෙම නැත්තම් මාලෙ වාගෙ දුපත් වල තියෙන්නෙ තට්ටු නිවාස.ගොඩාක් අය බදු කුලියට තමයි ගෙවල් වල ඉන්නෙ.තමන්ට කියල පෙන්නන්න ලොකු ගෙවල් මගෙම කියල කාමර මෙයලට නැ.කාමර දෙකක් වාගෙ ගෙදරක තමා හැමොම ඉන්නෙ.සමහර වෙලාවට මරුවෙ මරුවට නිදාගන්න අයත් ඉන්නවලු.සමහර දුපත් වලනම් තනි/ලොකු ගෙවල් තියනවා.
මාලෙ අයගෙ ඉගනිම සැහෙන මට්ටමක තියෙනව.English ගොඩාක් අයට පුලුවන්.සමහරු ලන්කා,මැලෙසියා,ඉන්දියා ගිහින් ඉගෙන ගන්නව.ඒ උනත් මෙයල වැඩට ටිකක් කම්මැලියි වාගේ..එකනෙ අපි මෙහෙ වැඩ කරන්නෙ.
මාලෙ වැඩ කරන අපිට නම්.........
වැඩ කරන අයට තියෙන නිති රිති ගොඩාක් අඩුයි.ඒ කියන්නෙ කරදරයක් නැතුව වැඩෙ කරන් ඉන්න පුලුවන්.විශේසයෙන්ම අපෙ Factoryය එහෙමයි.මෙහෙ අය බලාපොරොත්තුවෙන්නෙ අවසාන ප්‍රතිපලය.එකනිසා එයලගෙ වැඩෙ හරියට වෙනවනම් ඒ ඇති..
ඒත් ඉතින් කිසිම විනොදන්ශයක් නැති නිසා ඉන්න ටිකක් එපා වෙනවා.මොකද යන්න කියලා තැනක් තියෙනවයැ.පුන්චි දුපතෙ ඉන්න ඔනෙ.වෙලාවකට හිරගෙදරකට අවා වාගෙ හිතෙනව.ඇග රත්කරගන්න ගන්න දෙවලුත් මෙ රටෙ තහනම් නෙ එකනිසා කිසිම ජොලියක් න ජිවිතේ...
හ්ම්ම්...මම් හිතන්නෙ මාලදිවයින ගැන ගොඩාක් දෙවල් ලිවා.තව ලියන්න ගියොත් post එක දිග වෙනවා.ලියන්න එකදෙයක් ඉතුරුයි.ඒ මාලෙ ආගම ගැන.එකත් රස කතාවක්.ඒක රසටම ලියල තියනව අපෙ Accountant මහත්තය.තේජාන් මල්ලි.ඔයලා එයගෙ බ්ලොග් එක කියවල බලන්නකො.
ආහ් මෙතනින් යමු.
http://thejans.blogspot.com/2011/05/blog-post_17.html
පහලම රුපය පැරණි දගැබක නටබුන්
මාලදිවයිනේ අයගේ කෑම ගැන කියපු ගයාන් අයියාට මාලේ අයගේ කටේ හැමතිස්සෙම තියෙන කෑමක් අමතක වෙලා.ඒ තමා සුපාරි එහෙමත් නැත්තම් ලන්කාවේ අපි කවුරුත් දන්න පුවක්.කපන විදිහ නම් පොඩ්ඩක් වෙනස්. හැබැයි මාලේ කොල්ලෝ කෙල්ලෝ ගාව හුගක් වෙලාවට සුපාරි වරදින්නේ නෑ.
ReplyDelete