කුමුදුනි අවුරුදු නිවාඩුව පසුව වැඩට ගොස් එන පලවෙනි දාවසෙ උනු සිද්ධිය අම්මාට කියන්නට සැරසුනේය..
අම්මේ එදා මං වැඩ ඇරිලා එද්දි මෙන්න මේ හරියට එනකොට ඔන්න වැස්ස වහින්න හීන් පොදකුත් පටන් ගත්තා..මෙ වංගුව හැරනවාත් එක්කම මං දැක්කා මිනිහෙක් ඉස්සරහින් එනවා.මං ඉතින් එයා එහා පැත්තෙන් එන්න ඇරලා මෙ පාර අයිනේ ඉස්සරහට ගියා..
මිනිහෙක් කීවෙ කොල්ලෙක්ද,වයසක මනුස්සයෙක්ද?කමලා කතාවට බධා කරමින් ඇසුවේය..
ටිකක් වයසයි වාගෙ පෙනුනා..දැක්ක විදිහට නම් 40ට කිට්ටු කරලා විතර ඇති..
ඉතින් කියපන්කො..
ඔව්..මං එයාව පහුකරලා ටික දුරක් විතර ගියා මතකයි..ඒ කියන්නෙ අඩි 10ක් විතර.
ඊට පස්සෙ..
ඊට පස්සෙ එක පාරටම මු ඇවිත් මාව අල්ලගෙන ඇදගෙන ගියා..
කොහාටද..
අන්න අර පේන සියඹලා ගහ එහා පැත්තට..
ඉතින් ඇයි උඹ කැ ගහුවෙ නැත්තේ..
කැ ගහන්නෙ කොහොමද ඒ යකා මගෙ කටිනුත් අල්ලන් හිටියේ.
ඊට පස්සෙ මු මගෙ මුන රෙදි කැල්ලකින් වහල බැදලා මට අනන් මනන් කරන්න හැදුවා..
මුලින්ම මට මොනවා කරන්නද කියල තෙරුන්නැ.මට තෙරුණා මිනිහා මොනවා හරි ලොකු විනාශයක් කරන්න තමා හදන්නේ කියලා.
ඊට පස්සෙ මං ඌ ට මගෙ අතේ තිබ්බ කුඩෙන් මූනට දෙකක් තුනක් ගැහුවා..එතකොට උ අයින් වෙද්දිම ලග තිබ්බ පොල්ලකින් තව එකක් ගහල මං දුවගෙන ගෙදර ගියේ..
කුමුදුනි එදා සිදුවු සියලු ඉතා පැහැදිලිව අම්මාට කිවේය..
ඇයි ඉතින් උඹ කැගහලා කාට හරි කිවේ නැත්තේ..
මට ඉච්චර සිහියක් තිබ්බේ නැ අම්මේ..මට ඕන උනෙ ඉක්මනට ගෙදරට එන්න..
ඉතින් උඹ ගෙදරට ඇවිත්වත් මට කිවෙ නැනෙ.වෙන කෙල්ලෙකුට පොඩි දෙයක් උනත් ඉස්සරොම කියන්නෙ ගෙදර අයට,උඹට මෙච්චර දෙයක් වෙලත් හාන්කවිසියක් ඇගෙව්වෙ නැ.බලපන් උඹ වගෙ මෝඩ කෙල්ලක්..චිකේ උඹලට දෙන්න ඕන.....
උඹලගෙ හිතේ තියන ලොකුකම නිසා තමා මේ සේරම වෙන්නේ.අනේ ඇත්තමයි මට.......
හරි...හරි අම්මේ අපි යමුකො දැන් ගෙදර.ගෙදර ගිහින් ඉතුරු ටික කතාකරමු..
නැවතත් ඔවුන් ගෙදර යන ගමන පටන් ගත්තෝය.
ඇයි කුමුදු උඹ මට කිවෙ නැත්තේ මෙහෙම දෙයක්.කිවානම් ඔකා හොයාන පොලිසියට මාට්ටු කරලා දෙන්න තිබ්බනේ..
මං මේක කියන්න දෙතුන් පාරක්ම හිතුව අම්මේ..ඒත් සමහර වෙලාවට මට හිතුනා මේක කියන එකෙන් වෙන්නෙ උඩ බලාන කෙලගහනව වගේ වැඩක් කියලා..
ඒ මොකක්ද ඒකෙ තේරුම?කමලාට කුමුදුනිගේ කතාව පැනයක් විය.
නැ අම්මේ.මං හිතුවෙ මට කිසිම කරදරයක් උන් නැති නිසා මේ උනු වැඩෙ කිවානම්...
ඉස්සරෝම අම්මා ගම වටෙ දුවයි කව්ද ඒ මනුස්සයා කියල හොයන්න..
ඔව්.මං ඌව හොයල විතරක් ඉතුරු කරන්නැ එදා එහෙනම්..උඹ ඔය වාගෙ දෙවල් සුළුවට තැකුවට අපට එහෙම කරන්න බැ.උඹ තාම කෙල්ලක්..
ඔව්..මං ඒක දන්න නිසා තමයි අම්මට ඒක ගැන නොකියා හිටියේ.මං තාම කෙල්ලක්...
අම්මා ගම වටේම ඒ මනුස්සයව හම්බෙනකන් හොයද්දින් මුළු ගමේම මිනිස්සු දැන ගන්නව මට උනු සිද්දිය ගැන.ඊට පස්සෙ ඕක ඔතනින් නවතින්න නැ..පොලිසියට යනවා..පොලිසියෙන් නවතින්නෙත් නැතිවෙයි සමහර විට.කෙහෙහරි පත්තරෙ එකෙකුට ආරංචි උනොත් එයා පත්තරේටත් ලියයි.
එතකොට වෙන්නෙ මට කිසිම දෙයක් නොවි මං දෙයක් උනු කෙල්ලෙක් ගානට වැටෙන එකයි.ඊට පස්සෙ හැමෝම මං දිහා බලන්නේ ඒ විදිහට.කිසිදෙයක් නොවි ඒ වාගෙ තත්වෙකට පත්වෙන්න හොද නැ අම්මේ.
කෙල්ල්ලෙක් එක පාරක් දුෂණය වෙලා දුෂකයාට දඩුවම් දෙන්න ගියොත් වෙන්නෙ ඒ කෙල්ල සිය දහස් වාරයක් දුෂණය වෙන එක.ඊට හොදයි මැරන එක මම නම් කියන්නේ.
ඒ කොහොමත් මට විශ්වාසයි මට එදා එහෙම දෙයක් උන් නැ කියලා.ඒක මට හොදටම සුවර්..
ඔව්..උඹ කියන දේත් ඇත්තක් නැතුවාම නෙවෙ.ගැනු අපිට ලොකෙ හැමදාම පහත් තැන හම්බෙන්නෙ.නැති වරදවල් හදලා,කටකතා පතුරලා ගැනුන්ව වරදට පොලඹවා ගන්න මිනිස්සු හරි දස්සයි බං..
කතවෙන් කතාවෙන් දෙන්නා ගෙදරටත් ආවා..
අම්මපා කෙල්ලෙ මටනම් අද ගිය ගමන ආපහු ආපු හැටි මතකවත් නැ..ඔලුවෙ තියන ප්‍රශ්න ගැන කල්පනා කර කර,කතා කර කර ආවා මිසක් පාරෙ තොටෙ හම්බුනු එකෙක්වත් මතක නැ..
මටත් එහෙම තමා අම්මේ.බස් එකට ගොඩ වෙලා හන්දියෙන් බහිනකන් මං දැනන් හිටියෙ නැ අපි එතෙන්ට ආවා කියලා.
ටික වේලාවක් නිසොල්මනෙ තමන්ගෙ වැඩ කරමින් හිටපු අම්මත් දූත් ආයේ එකට වාඩිගත්තෝය..
ඇත්තටම කෙල්ලෙ උඹට එදා මොකද උනේ..උඹ මේ කියන්නේ ඇත්තක්මද?....
නැවතත් කමලා අසයි.
ඔව් අම්මා..ඒ ඇත්තම කාතාවක්..ඇයි අම්මා ඒ ගැන විශ්වාස නැද්ද.....
නැ ඉතින් කියන්න බැ නොවැ..
එතකොට මේ දොස්තර මහත්තයා කියපුදේ ඇත්තක් තියෙන්න බැරිද.
අනේ මන්දා අම්මා..ඒත් මට එහෙම දෙයක් විශ්වාස කරන්න අමාරුයි..
එහෙනම් ඒ දොස්තරයා කියපු හරුපෙ තෙරුම මොකක්ද?,,කමලා සැරන් මෙන් කුමුදුනිගෙන් අසයි..
උඹ වෙන එකෙක් එක්ක නටාගහලා ඇවිදින් ඒක වසන් කරන්න කියන බොරුවක්ද කොහෙදො මේක..
ඒ වදන් ඇසු කුමුදුනිගේ සිත තදින්ම පැරෙයි..ඇගේ දෙනෙත් රතු වී කදුළු ගලා එයි.කමලා ඒ ගැන කිසි තැකිමක් නොකර ඔහේ කියවයි..
හරි මන් මේක හොයාගන්නම්..මේවා හොයගන්න බැරිකමක් නැ..මෙවා හරියටම හොයාගන්න අද කාලේ විද්‍යාවට වඩා ඉස්සර කාලේ ක්‍රම තියනවා..
මට ගමේ ගියොත් ගුරුන්නාස්සෙ ගාවට ගියාම මෙව දැක්කා වගේ අහගන්න පුලුවන්..
කමලා හිතේ ඇතිවු ආවෙගයට කියවාන යයි..
අනේ අම්මෙ ඔයාට මාව සැකයිනෙ ඇත්තට ඇ..
ඔය දෙවල් වලට ආවොත් මන් එච්චර කාලයක් ඉන්නැ.අම්මට මං දැන් සිද්දවුනු සේරම දේවල් කීවා.
ඊට වැඩිය දෙයක් වෙලා තියනවා කියලා හිතනවනම්..එ කියන්නේ මම කැමැත්තෙන් කොල්ලෙක් එක්ක ගිහින් කරගත්තු දෙයක් කියලා අම්මට හිතෙනවනම් අම්මා ඕන දෙයක් කරලා හොයල බලන්න මගේ...
මං මොනවා හොයන්නද උඹෙ..
නැ ඉතින්.මන් එහෙම දෙයක් උනා නම් අද මං කෙල්ලෙක් නෙවෙනෙ.ගැණියක්..අනික එහෙම දෙයක් මගෙ උවමනාවට උනානම් මට ඌත් එක්ක යන්න පුලුවන්..
උඹ ගැනියෙක්ද,කෙල්ලෙක්ද කියල මං කොහොම හොයන්නද?කමලාගෙන් ප්‍රශ්නයක්..
නැවතත් දෙදෙනා අතර මහා නිශ්ශබ්දතාවයක් ඇතිවෙයි.බලාගත් අත බලාන දෙදෙනා කල්පනා කරයි..
හ්ම්...මං උඹ කියන දේ විශ්වාස කරනවා.උඹ මෙතුවක් අපට බොරු කරලා නැ කෙල්ලේ..
කෝකටත් හෙට අපි ආයෙ යමුද අර දොස්තර මහත්තයා හම්බෙන්න..
කමලා ඇගේ දුවගෙන් අසයි..
අනේ මන්දා..ඇයි අම්මා එහෙම අහන්නේ..
නැ..ඒ මහත්තයා කියපු දේ ඇත්තක් තිබුනොත්..අපරාදේ උබෙ ජිවිතේ..
එහෙම දෙයක් වෙන්න පුළුවන්ද අම්මා..
දන්නැ කෙල්ලෙ..ඒත් ඔය මූසලයන්ගෙ එවා ගැවුනත් ඇති..හොද එකෙකුට ළමයෙක් හදාගන්න දහදුක් විදින වෙලාවෙ ඔය වාගෙ එවුන්ගෙ ඒවට පුදුම බලයක් තියෙන්නේ.
අනික ඉතින් උඹේ නරක වෙලාව ඇවිල්ලත් නොවැ තියෙන්නෙ..
ඒ කොහොමද අම්මා කියන්නෙ..
නැ ඉතින්..එකනෙ මෙහෙම දෙයක් උඹට උනේ..
කෝකටත් මට හිතෙනවා ගුරුන්නාන්සෙ හම්බවෙලා මොකාද මු කියලා හොයල බලන්න...
අනේ අම්ම මේ..ඔය පිස්සු වැඩ කරන්න හදන්න ඔනෙ නැ..
අපි එහෙනම් යමු.හෙට දොස්තර මහත්තයා හම්බෙන්න..
දොස්තර මහත්තය හම්බෙලා ආපුවාම අහලා ඉතුරු ටික ලියන්නම්..තව දවස් කීපයකින් ඉතුරු කොටස..
Monday, January 9, 2012
Thursday, January 5, 2012
ගැබිනියක් වු කන්‍යාවිය..2
එහෙනම් අම්මෙ හෙට යමුද මාත් එක්ක....
හ්ම්ම්ම් එහෙනම් යමන්කො..දැන් උබ වැඩ පලට කිවද හෙට එන් නැ කියලා....
ඔව් මං කියන්නම්.....
පසුදා උදැසන අම්මයි,කුමුදුනියි පිටවුයෙ ඇයට හටගෙන ඇති රෝගිතත්වය පිලිබදව සොයා බෙහෙතක් ගැනිමටයි.ඒත් ඒ වෙනවිටත් කුමුදුනි දැනන් හිටියේ නැ ඇයට ඉන්නෙ ඇය කවදාවත් හිනෙකින් වත් නොසිතු තත්වෙක කියලා...
උදේ රැයින්ම අවදිවි අම්මයි,දුවයි තමන්ගෙ ගමන ගියා..එදා තමා හමුවු දොස්තර මහතා කිවෙ කුමුදුනිගෙ සොයා ගත හැකි වු ලෙඩක් නැති හෙයින් යම්කිසි වු පරික්ෂණ කිහිපක් කර එහි වාර්තාව අරන් එන ලෙසයි..
අනේ මන්දා කෙල්ලේ උබට මොනවා වි ගෙන එනවද කියලා..කමලා හිත් කනස්සල්ලෙන් කියයි..
බලමුකො අම්මෙ..හෙට මේ ටෙස්ට් ටික කරලා..
අපෙ නරක කාලයක් ඇවිත් කොහෙදො බන්..
හ්ම් හෙටත් මාත් එන්න ඔනද..උබට තනියෙන් ගොහින් කරන් එන්න පුලුවන් නේද..
අම්මට අමාරුනම් කමක් නැ..ඒත්........ගියොත් නම් මයෙ හිතට හොදයි..
අහ් එහෙනම් යමන්කො.....
පසුවදා පරික්ෂණ අවසානයේ නැවතත් ඔවුන් ගියේ දොස්තර මහතා හමු විමටය..
අහ් ඔයලා රිපොට් ටික ගෙනාවද?
ඔව් ඩොක්ටර්..
කෝ දෙන්න බලන්න..
වාර්තා කියවා බැලු දොස්තර මහතා කුමුදුනිත් අම්මාත් දෙස බලා මද සිනාවක් පා තමන්ගෙ නිරික්ෂණය ඉදිරිපත් කරන්නේ..
ආ...මෙක ලෙඩක් නෙමෙනේ..කොහොමත් සුබ ආරංචියක් කියන්න තමා මට තියෙන්නේ..
ඒ මොකක්ද මහත්තයෝ...
කමලා පුදුමයෙන් වගේ ඇසුවෙය.
ම්ම්ම්........අම්මා කිරිඅම්මා කෙනෙක් වෙන්න යන්නෙ..
ඒ කිවෙ සර්..මට තෙරුන්නැ...කුමුදුනි ද පුදුමයෙන් වගේ ඇසුවේය..
ඔයාගෙ කුසේ දරු ගැබක් තියනවා.....
ඇ..මෙ මොන හරුපයක්ද.....
ඒක තමා අම්මෙ මේ වාර්ථාවෙන් මටනම් කියන්න තියෙන්නේ..
කුමුදුනි කිසිවක් අදහා ගත නොහැකිව බය වි මෙන් බලා උන්නේය..
වරෙන් කෙල්ලෙ යන්න..මෙ මොන මන්ස්ගාතයක්ද..තව මෙ කෙල්ල බැදලත් නැ..ඇරක් කොල්ලෙක් එක්ක යාලු වෙලාවත් නැති කෙල්ලෙකුට දරුවෙක් හම්බෙන්න..හහ්....
කොකටත් අම්ම දුවත් එක්ක කතා කරල බලන්නකො..අපි හිතන දෙවල් වලට වඩා දෙවල් දැන් කාලෙ වෙනවනේ..
අනේ මහත්තයො අපි යන්නම් එහෙනම්..හහ්....
කුමුදුනීත් මවත් ගෙදර යැමට බසයට ගොඩවිනි..නන්නාදුනනා දෙදෙනෙකු මෙන් වචනයක් වත් කතා නොකර ඔවුන් විනාඩි කිහිපයක් ගතකලේය..කුමුදුනි එක පැත්තක් දෙසද,අම්මා තවත් පැත්තක් දෙසද බලා උන්නොය..
ඇ කෙල්ලෙ මොකක්ද මෙ දොස්තරයා කියාපු එකේ තෙරුම..උඹ ඇත්ත කියාපන්..කමලා කුමුදුනිගෙන් අසයි..
අනේ අම්මෙ මෙ....බස් එකෙන් බැහැලා අපි කතාකරමු..අනික දැන් යන්නෙත් ගෙදර..මම වෙන කොහෙවත් යනවයැ..
දෙදෙනාම කිසිම කතාවක් නතිව නියමිත ස්ථානය වෙත පැමිනියේය..
ආහ්..හන්දිය ලගටත් ඇවිදින්..
මෙච්චර ඉක්මනට ආවද..බසයා ආ ඉක්මන ගැන පුදුමයෙන් වාගෙ කුමුදුනි අම්මාගෙන් ඇසුවත්,ඇයට තමන් ආ දුරත් වේලාවත් තෙරුන් නැත්තේ ඇ සිටියෙ බර කල්පනාවක වු බැවිනි..
බසයෙන් බැස්ස කුමුදුනි අඩි කිහිපයක් යද්දිම කොන්දොස්තර තැන කැගසන්නට වුයෙය..
ඇයි අද ඔයලා සල්ලි නොදී යන්නද හදන්නෙ..
අනේ.. සොරි.
මෙයා හරියට කැ ගහන්නෙ මං මෙ බස් එකෙ යන්නෙ එන්නෙ නැ වගෙනෙ"කියමින් සිනාසෙමින් ඇ මුදල දී අම්මත් සමග ගෙදර යන දෙවට දිගේ පියමන් කලේය..
වෙන්දා මෙන් නොව යන අතර මග අම්මාත් ඇ ත් අතර වාද විවාද පටන් ගාත්තේය..
ටිකක් දුර යයි.මග නතර වෙයි..අම්මා ඇගෙන් ප්රාශ්න අසයි..
ඇත්තම කියපන්.. උඹ මොකක් හරි එකක පැටලුනාවත්ද?කමලා මග නතර වෙමින් කුමුදුනීගෙ මගද අවහිර කරමින් අසයි..
නැ අම්මෙ..අම්මට පිස්සුද???අම්මට මාවත් අවිස්වානේ.
.අවිශ්වාස නොවෙ බොල..අද කාලේ වෙන එවා හැටියට එක අතකින් මන් එහෙම හිතුවත් වැරදි නැනෙ..
අයෙ අඩි කිහිපයක් ගමන් කරමින් තව ප්රකශ්නයක් අසයි..උඹලගෙ තාත්තා එහෙම දැනගත්තොත්..සේරම දමාගහලා ගෙදර එයි..ඉතින් අම්මෙ තාත්තා දැන ගන්න මෙතන මොකවත් නැනෙ..
දෙදෙනාම දෙවැට දිගේ ගමනින් බාගයක් පමණ ආවත් ඒ වෙලාව වෙනදා ඔවුන්ට ගෙදර යාමට ඕනවටත් වඩා සැහෙයි..දෙවැට දිගෙ එන මෙ දෙපල එක පාරටම නවතින්නේ විශාල සියඹලා ගහ ලග වන්ගුවත් සමගම හම්බෙන කමත අසලදීය..
ආහ්..අම්මෙ..ඔහොම පොඩ්ඩක් නවතින්න..
ඒ ගමන් මේ මොකද..
පොඩි කතාවක් කියන්න තියනවා..
ඉතින් ඉස්මන් කරලා කියහන්,,මගෙ දිව ගිලෙන්න තිබහක් තියනවා..අර දොස්තරයගෙ කතාව අහපු වෙලෙ ඉදන් හරියට කෙල ටිකක්වත් ගිලෙන් නැ..
අනේ අම්ම බය වෙලා ඉන්න තරමක්.හරියට අම්මට අයෙ බබෙක් හම්බෙන්න වගෙනෙ..
හිහ් හිහ් හී....,,
කුමුදුනි එසේ පැවසුවෙ තමන්ගෙ සිතෙ තිබු ප්ර ශ්න සේරම අමතක කරමින.ඒ ඇයගෙ හැටියක්මය..කොපමන ප්රිශ්න තිබුනත් සිනාසෙමින් ඉන්න ඇ හරි රුසියෙක් විය..
අනේ කෙල්ලෙ මගෙ යකා අවුස්සන් නැතුව කියාපන්..
අම්මෙ අම්මට මතකකද අවුරුද්දට පස්සෙ මන් ඉස්සෙල්ලාම වැඩට ගිය දවස..
මට ඒ තරම් මිනව්වක් නැ බං..හා කමක් නැ කියහන්කො බලන්න..
අන්න එදා මං හවස වැඩ ඇරිලා එනවා.මං හිතන්නේ හවස 5.30 ට වගේ ඇති.ඔන්න එදා හොදට වහින්න හදලා තිබ්බෙ.
එදා මං මෙ හරියෙන් එද්දි මං දැක්කා මිනිහෙක් ඔය ඉස්සරහා පැත්තෙ ඉදන් එනවා..
කුමුදුනි කතාව මහත් ආයාසයකින් කියන්නට සැරසෙද්දී කමලා ඇස් ගෙඩි දෙක ලොකු කරන් බලා සිටියේ මෙ කතාවත් දොස්තර මහතාගෙ වාර්ථාවත් අතර සැගවුනු යමක් තියෙවි යන බලාපොරොත්තුවෙනි..
ඉතුරු කොටස ඊලගට

Monday, January 2, 2012
ගැබිනියක් වු කන්‍යාවිය....
අසාමාන්‍යෙන් අසාමන්‍යය වුද විරල ප්‍රායෝගිකත්වයක් මත පදනම් වු වෙනස් කතාවක්..
වෙලාව සවස 6ත් පහුවිගෙන ගියේය.ගොම්මන් අදුරටත් වඩා මොදු වි තිබුණු වැහි කලුව නිසා පලාතම අදුරු වී තිබිණි.ගෙරවිලි හඩත් අකුණු එලියත් විටින් විට මාරුවට කලුවර වෙන අකාශයෙන් ලැබුණි.නිවාඩුවක් නැතිවෙම අකාසයෙන් එන ගෙරවිලි හඩ අතරට ඉතුරු වුනු රතිණ්චා වල හඩද අැසෙන්නෙය.මේ ගෙවි ගෙන යන්නේ සින්හල හින්දු අවුරුද්දේ අවසාන දවස් කිහිපයයි.හරියටම මෙ අප්‍රේල් 22 දායි..
පොඩි පුතේ........කමලා ගෙදර ඉන්නා අවුරුදු 20ක් පමණ වයස වු ඉදුනිල් ට කැ මොරදෙයි..
ඇයි..ඇයි..මේ මන් කාමරේ...
බලහන්කො බන් මේ කෙල්ල තාම ගෙදර අවෙ නැති හැටියක්..මොන වෙලාවෙ වැස්ස අල්ලයිද මන්දා..
පොඩ්ඩක් හන්දිය පැත්තට ගොහින් බලපන්කො,උබත් ලමිස්සියක් වාගෙ ගෙට රිංගාන ඉන් නැතුව..
පොඩ්ඩක් ඉන්න අම්මා...එයා දැන් මග එනවා ඇති..
අනෙ මටනම් බැ මෙ වැස්සට තෙමෙන්න යන්න.හෙට කැම්පස් එකත් පටන් ගන්නවා.තෙමිලා උනක් වත් හැදුනොත්..
අනේ මදැ...කොල්ලෙක් හදා ගත්තා..ඌ කෙල්ලට හපන්....
අම්ම නම් කියයි...
හ්ම්...ඔන්න කියන කොටම වැහි පොදත් වැටෙනවා..දැන් ඉතින් මක් කොරන්ඩැයි..
මේ කෙල්ලට මොකෝ මෙ හැටි පරක්කු....
ගත වුයෙ නිමෙශයකි..විදුලි එලියත් සමගම කුමුදුනිගෙ රුව හෙට හැරෙන දෙවැටෙන් මතු වුනි..
ආහ් මෙ එන්නෙ අක්කා..
මොකො කෙල්ලෙ මෙ හැටි පරක්කු උනෙ..මොකද උඹ කුඩයත් අතෙ තියාන තෙමි තෙමි එන්නෙ...
කුමුදුනි කතාවක් නැතිවම ගෙ ඇතුලට යයි..එය දුටු කමලා නැවතත් කුමුදුනිගෙන් ප්‍රශ්න කරයි..
මොකො බන්..උබට කතා කරන්නත් බැරුවද හා..
නැ අම්මා.අද මං බස් එකෙන් බහින්න හදද්දිම බස් එක ඇද්දුවා.මං දඩෝන් ගලා බිම ඇදගෙන වැටුනා..මුලු ඇගම රිදෙනවා.කුඩෙත් කැඩුනා අම්මා..
සිදුවු සියලු දේ වසං කර කුමුදුනි පට්ටපල් බොරුවක් ගෙතුවෙය..
හ්ම්.මන් ගිහින් ඇග ටිකක් සොදගෙන එන්නම්..වැස්සෙ තෙමිලා ආපු එකේ..
මීට මොහොතකට පෙර සිදුවු සියලු අමතක කරමින් පුරුදු ලෙස ඉන්න හැදුවත් විදුලි සැර මෙන් සිදුවු සියලු දේ ඇගෙ සිහියට එයි..
රැ නින්දට ගියද ඇගෙ සිතට ආවෙ හවස මුහුන දුන් බයන්කාර සිදුවිමේ සිතිවිලිය.
පසුදා උදැසන නැවතත් ඇය සුදානම රැකියාව සදහා පිටත් වීමටය...
අනේ අම්මෙ මෙ ජොබ් එක නම් මට දැන් එපා වෙලා තියෙන්නෙ.මට මෙකෙන් අස්වෙන්න හිතෙනවා
ඇයි මොකෝ උඹට තියන අමාරුව..උදෙට ගිහින් හවසට එන එකනෙ තියෙන්නෙ..
අනේ අම්මා...මට මෙ බස් වල ගිහින් එපා වෙල තියෙන්නේ..
කමලාට කුමුදුනි ගැන අතිවුයේ මහත් වු අනුකම්පාව්වකි..
එකනම් ඇත්ත තමා කෙල්ලෙ..ඒත් තව ටිකක් හිතලා බලපන්..උබලාගෙ තාත්තා මාසෙ අවසානෙට එවන ගාන මුට දෙන්නත් මදිනොවැ..
අනික ඉතින් උඹ තව කාලයක් මෙ ජොබ් කෙරුවාව කරන් නැතිවෙයි නොවැ.තව අවුරුදු දෙක තුනකින් පිළිවෙලක් උනාම ඔවා නවතියි..කමලා ඉතා බැරැරුම් වුත් හැගිම් බර වුත් ස්වරයෙන් කිවෙය..
ඔව් අක්කට තව එච්චර කාලයක් ජොබ් කරන්න ඔනෙ නැ..මම ඩිග්‍රිය ගත්තාම මට ජොබ් එකක් හොය ගත්තැකි.එතකොට ඔයා ගෙදර ඉන්න..
අපෝ උඹ උපාධි අරන් ජොබ් හොයද්දීන් බැරියැ...
උඹලා උපාධි අරගෙන මාස ගනන් උපවාස කරල ජොබ් එකක් හොයාගද්දින් හොද කල යයි..නේද අම්මේ....
ඔව් ඉතින්..අපි උපවාස කරන කාලෙ උනත් නොකා නොබි..,රවුල කොන්ඩෙ කපන්නෙ නැතුව ඉන්න නිසා ඒ ගාන හරි ඉතුරුනේ...
හරි..හරි...හිටපල්ලකෝ..මන් දවසක උඹල රජ කරවනවා..
හා හා...ඔය කතා ඇති දැන් උඹල දෙන්න ගමන පලයල්ලා....තවත් මෙතන වාද කරන්නැතුව.
කාලය හෙමින් ගෙවී ගෙන ගියේය..වෙසක් පොසොන් ගෙවි ගියේය.කුමුදුනි තම සුපුරුදු ජිවීතය ගතකළේය..,අහිංසක වුත් සමාජ සිලි වුත් ඇගේ ජිවීතය කාටවත් කරදරයක් හෝ හිරිහැරයක් නො වුයේය..
ගමෙ ඇවිදිමින් කෙලාම් කියන හෝ කොල්ලන්/කෙල්ලන් එක්ක සැරිසරන ජිවිතයක් ඇයට නොවිය..
ඒත් කුමුදුනි කියන්නේ කාගෙත් සිත් ඇදගන්නා චරිතයක් විය.එම නිසාවටම ඇයට බොහො යාලුවන් සිටියේය.බාල මහලු කොයි කාවත් ඇයට ප්‍රිය කළොය.
සුදු පැහැති සමක් හිමි නොවුනත් තරමක් කලු වු තළෙළු සිරුරත් සිහින් සිරුර ඇයගෙ උසට නියමෙටම ගැලපුනේය.
තරමක් දිගැටි රවුම් මුහුනෙ ලොඹු ඇස් දෙකත් අමුතුම සිරියක් ගෙනාවෙය,ඒ වගේම මුඛයේ තියෙන නල දත ඇගේ සිනාව මනමත් කලේය..
පොසොන් මාසය ගෙවියත්මඉ කුමුදුනි ගේ ඇගෙ යම් වෙනසක් ඇත්වෙන බව ඇයට තෙරුනේය..නිතර ඇතිවන අසනීප තත්ව නිසා ඇය යම් කිසි දවස් වල වැඩට යාම පවා නොහැකි විය.මෙ සියලු දේ නිසා ඇය දොස්තර කෙනෙක් හමුවිමට යැමට තිරණය කලේය..
අම්මෙ.., අනේ අම්මෙ හෙට අපි යමුකෝ බෙහෙත් ටිකක් ගන්න..මගෙ ඇගට හරි නැ දැන් ටිකක් කල් ඉදලා..කුමුදුනි තම අම්මාට පැවසුවේය..
ඒ මොකො මෙ...
අනේ මන්දා අම්මෙ..,
අනේ මන්දා....ඊලග ටික පස්සෙම දාන්නම්...!

Sunday, January 1, 2012
එකම එක දවසක්..
සිගරට් බීම නවත්තන,
අරක්කු බොන එක නවත්තන,
මා පියන්ට කීකරු වන
ආදරයට අවංක වන
පවුලට ආදරේ කරන
එකම එක දවසක්
උදෙනම නැගිටින
රැකියාවට වෙලාවට යන
පිරිසිදුව අදින
හැමදේම පිලිවෙලට කරන
එකම එක දවසක්..
සමහරු.......
කානු වලින් නැගිටින
නිදි පැදුරේ වමනෙ ගොඩින් නැගිටින
වමනෙ නවතින්න "ජීවනී" බොන
අතපය කඩාන හොස්පිටල් ඉන්න
එකම එක දවසක්..
ඒ හැමදේම වන
ලොව පුරා සියලු දෙනා
තරහ මරහ අමතක කරන
එකම එක දවස....
සුබ අලුත් අවුරුද්දක් කියා
සුභ පතා ගන්නා අද දවස
එහෙනම් ඔන්න
සුබ අලුත් අවුරුද්දක්
අරක්කු බොන එක නවත්තන,
මා පියන්ට කීකරු වන
ආදරයට අවංක වන
පවුලට ආදරේ කරන
එකම එක දවසක්
උදෙනම නැගිටින
රැකියාවට වෙලාවට යන
පිරිසිදුව අදින
හැමදේම පිලිවෙලට කරන
එකම එක දවසක්..
සමහරු.......
කානු වලින් නැගිටින
නිදි පැදුරේ වමනෙ ගොඩින් නැගිටින
වමනෙ නවතින්න "ජීවනී" බොන
අතපය කඩාන හොස්පිටල් ඉන්න
එකම එක දවසක්..
ඒ හැමදේම වන
ලොව පුරා සියලු දෙනා
තරහ මරහ අමතක කරන
එකම එක දවස....
සුබ අලුත් අවුරුද්දක් කියා
සුභ පතා ගන්නා අද දවස
එහෙනම් ඔන්න
සුබ අලුත් අවුරුද්දක්
Monday, December 26, 2011
පෙම්බර ලන්දු..
කෙහෙරැලි දණහිස ලග ගාවා..
පුළුළුකුලේ සමබර රන්දා
පටු ලැමදේ ඵල බර පෙන්වා
ඉග නෙරියෙ ඇත හැඩ සොදිනා..
මොනාලීසා නොවෙ නුඹ මට නම්..
බමර පැටික්කීය නුඹ මාගේ..
සුදු මහුනේ දිගු නෙත් සගලේ..
කරුණාවයි හැමදා පෙනුණේ
පටු දෙතොලින් වැසු දට් දෙපලේ
සිනාව සිරියාවයි රැන්දු..
මගෙ නිවසට සිරිකත කැන්දු..
ඔබ මයි මා හද දිනු ලන්දු..
සැලළිහිණිය බදු මෘදු ස්වරෙන්
එන වදනත් දෙසවන පිනනා...
සිරියහනේ කිරි කොමල සිනා
මා මනමත් කර රසය දෙනා
මගෙ නිවසට සිරිකත රැන්දු..
ඔබමයි මා හද දිනු ලන්දු..//
පුළුළුකුලේ සමබර රන්දා
පටු ලැමදේ ඵල බර පෙන්වා
ඉග නෙරියෙ ඇත හැඩ සොදිනා..
මොනාලීසා නොවෙ නුඹ මට නම්..
බමර පැටික්කීය නුඹ මාගේ..
සුදු මහුනේ දිගු නෙත් සගලේ..
කරුණාවයි හැමදා පෙනුණේ
පටු දෙතොලින් වැසු දට් දෙපලේ
සිනාව සිරියාවයි රැන්දු..
මගෙ නිවසට සිරිකත කැන්දු..
ඔබ මයි මා හද දිනු ලන්දු..
සැලළිහිණිය බදු මෘදු ස්වරෙන්
එන වදනත් දෙසවන පිනනා...
සිරියහනේ කිරි කොමල සිනා
මා මනමත් කර රසය දෙනා
මගෙ නිවසට සිරිකත රැන්දු..
ඔබමයි මා හද දිනු ලන්දු..//
Monday, December 19, 2011
කිරි කොකා සහ අපි උඹලා..
වෙලේ නියරෙ තනි කකුලෙන් ඉන්න
පිහාටු හකුලා ගත් කොකා
සුදුම සුදු පාටයි..පිරිසිදු සුදු..
ඒත් තටු ගසලා ඉගිලෙන කොකාගේ
පියාපත් යටින් පෙනෙයි ගුරු පාට.., කලු පාට ....
මිනිස්සු....
සිත කය අකුලන් නිසොල්මනෙ ඉන්නකොට
හරි අහිංසකයි...
ඒත් සිත සොලවා කට සොලවන විට
ඒ අනුව කය සොලවන විටත්
පෙනෙයි යස අගේට උන්ගෙ සිත්වල ඇතිකහට..,
වියරුව...

Wednesday, December 14, 2011
අබිසාරිකාව
විදියේ පහන් කණුවට තනිය නොදීබස් නැවතුම ලග සෙනග බලමින්
කිසි කරදරයක් නැතුව
කිසි වැඩක් නැතුව කාලය කන්නි....
ඇරයුමක් එන තෙක් නෙත් කරකමින් බලන්නි..
සැමට හිතවත් වන්නි......
නැග්ගම ගාන දීලා.. නිසි තැනින් බස්සන
ත්‍රි වීල් එක වගේ...
ඇගේ නිල රථයද එයම වේ....
යස අසය..නින්දා ප්‍රසන්ශා යන
අට ලෝ දහමින් නොසැලි ඉන්නිය...
අද පමණක් ගැන හිතන්නිය
හෙටක් මතු සසරක් ගැන නොසිතන්නිය..
නිතී රිතී රැහැන් මැද සිනා මවන්නිය
ජාති කුල බේද නොතකා සැමට සෙනෙහෙ පාන්නිය
සලෙලුන් සුර ලොවට ගෙන ගොස්
සැනින් නර ලොවට හිස් අතින් එවන්නිය..
එපා යැයි කැ... ගසමින් කියන බොහො අයට
හොර රහසේ රසය දෙමින් වැජබෙන්නිය
වටිනාකමක් නැතත් වටිනාකමක් හදා ගෙන ඇති
ඇය
Monday, December 12, 2011
Title යක් නැත.
මංගල පෝරුව මත නංවා
රන්මුදුවක් ඔය අත පළදද්දි
මුවගේ.. සිනා.. දැකලා දුරින්
මාත් සිනාවුවා..ඒ සිනාව ලග නැවති..
දිගු නෙත් සගලම කදුළු පුරෝගෙන
හඩන්න සැරසෙන ඔබ දැකලා
හැඩුවා.. මෙමා..සැගවි දුරින්
කදුළු උදුරගෙන ඔබෙ දැසෙන්..
පෙර දවසක මා ලග නැවතී මගෙමයි කරගන්නට පවසා
ඔය සියොලග මා දවටා හිටියත් මා ලග මත් වීලා
මලක් වගෙ ගෙනියන්න සිතා මා සිටියා නිසොල්මනෙ
ඒ ආදරයට මා ආදෙරෙයි තවත් ළදේ
ඔබ දුටුවොත් මා ඉන්නා බව කදුළු පුරෝගෙන අඩයි තවත්
මා යන්නම් දැන් මා දුටුවා මනාළි මා පැතු පෙරදා
අප යලි කිසිදා හමුනොවුනත් සංසාරේ යන ගමනේ
ඒ අදරෙට මා මතුත් ආදරෙයි ළදේ...

Tuesday, December 6, 2011
පොලිසියෙ අයට බැලිම තහනම් (ගංජා ආතල් කවි)
හිරු අවරට යද්දි......
ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....
තනිකමයි පාලුවයි.....
දස අතේ පැතිරිලා.....
අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..
සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..
සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...
මල් සුවද හොයාලා යන්න සිත කියාවි..
මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..
කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..
සිතා දස අත මට වැටුහුනා ක්‍රමයක්ද..
සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..
නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට..
"ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..
දීලා අත ඇති කාසි ඇබා හට මුමුණලා..
දාගත්තා කැල්ල වට පිටත් බලාලා..
කළුවරේ හද එළියෙ රිංගුවා ඇල ලගට
ඔතාලා ගත්ත මම ඇබා දුන් කැල්ල..
කැලැ ගිනි ගන්න ගද දස අතම පැතිරෙද්දී
පියඹුවා සුර ලොවට මාද හිමි හිමිහිටම...
පදම ගානට ගත්තු සැප දේවි චුට්ටකින්
වරෙන් මගෙ සයිකලේ ගෙදර යන්නට අපි..
අම්මගෙන් ප්ලෙන්ටිය ඉල්ලා හදාගෙන
ආම්ස්ට්‍රොන් ලගෙ ගමන යමුද අපි මෙ රැයේ..
ප්ලේන්ටිය සිනී වැඩි තියාලා පටපිලෙන්
දාගත්තා බුරු ඇද පලුව මිදුලෙ මැදින්
සිනී වැඩි ප්ලේන්ටිය තොලා ගාන අතර මැද
සද ඇවිත් මා ලගට එනවදැයි අහනවා..
මට හිතයි යන්න එහෙ මට බයයි ඒත් දැන්
අපි ඉමුද මෙ දුරින් මට මෙහෙම හරි සොමිය
උබෙ සියුමැලි සිනා දැක්කම සද කොමලි
මට හිනා යනව දැන් නවත්තන්නට බැරුව
ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....
තනිකමයි පාලුවයි.....
දස අතේ පැතිරිලා.....
අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..
සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..
සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...
මල් සුවද හොයාලා යන්න සිත කියාවි..
මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..
කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..
සිතා දස අත මට වැටුහුනා ක්‍රමයක්ද..
සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..
නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට..
"ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..
දීලා අත ඇති කාසි ඇබා හට මුමුණලා..
දාගත්තා කැල්ල වට පිටත් බලාලා..
කළුවරේ හද එළියෙ රිංගුවා ඇල ලගට
ඔතාලා ගත්ත මම ඇබා දුන් කැල්ල..
කැලැ ගිනි ගන්න ගද දස අතම පැතිරෙද්දී
පියඹුවා සුර ලොවට මාද හිමි හිමිහිටම...
පදම ගානට ගත්තු සැප දේවි චුට්ටකින්
වරෙන් මගෙ සයිකලේ ගෙදර යන්නට අපි..
අම්මගෙන් ප්ලෙන්ටිය ඉල්ලා හදාගෙන
ආම්ස්ට්‍රොන් ලගෙ ගමන යමුද අපි මෙ රැයේ..
ප්ලේන්ටිය සිනී වැඩි තියාලා පටපිලෙන්
දාගත්තා බුරු ඇද පලුව මිදුලෙ මැදින්
සිනී වැඩි ප්ලේන්ටිය තොලා ගාන අතර මැද
සද ඇවිත් මා ලගට එනවදැයි අහනවා..
මට හිතයි යන්න එහෙ මට බයයි ඒත් දැන්
අපි ඉමුද මෙ දුරින් මට මෙහෙම හරි සොමිය
උබෙ සියුමැලි සිනා දැක්කම සද කොමලි
මට හිනා යනව දැන් නවත්තන්නට බැරුව
Monday, December 5, 2011
අපේ කුස පබාවති ප්‍රේමය නොහොත් ජැකාගෙ දෙවෙනි ලව් එක
ආණමඩුවෙන් කුරුණැගල බස් එකට නගිද්දි ජැකාගෙ හිතේ ඉහලින්ම තියෙන්න ඇත්තේ කවදා හරි දොස්තරයෙක් වෙනවා කියන අදහස වෙන්න ඇති..කරඹ,එරමිණිය,දිවුල් හැදෙන කර්කස ප්‍රදෙශයක ජීවත් උනත් එ කස්ටකෙ උන්ට තෙරෙන්න නැතුව ඇත්තේ අම්මයි,තාත්තයි දෙන්නාම ගුරුවරු වීම නිසාත් ඇතිවෙන්නට ඉඩම්,කඩම් තිබිමෙන් ඔවුන්ට හොද හැටි සල්ලි බගෙ තිබු නිසයි.
ගිනි අව්වට පැගෙන වැලිකැට උඩින් අඩිය තියලා ගිය උන් නිසාදො ජැකාලට කොච්චර සල්ලි තිබ්බත් හරිම සරලව ජිවත් උනු හැටි නම් හරි පුදුමයි..
තමන්ගෙ ඔලුවෙ තිබුනු එකම අසාව උනු දොසතර විමෙ අසාව නිසාම ඌ උගෙ ඉස්කොලෙත් මාරු කරලා කුරුණැගල ඉස්කොලෙට ඉන්න ඇත්තෙ.ආපු ඉස්සරලාම දවසෙ මාත් එක්ක කතා කරපු හැටි මට තාමත් මතකයි.
කිසිම හැඩයක් නැති හීනී උස ඇගත්,දෙපැත්තෙන් බාගෙට තට්ටෙ පැදුනු ඔලුවත් හිමිකම් කියු ජැකා කා සමගමත් කතා කරමින්,පිස්සු කෙලෙමින් ඉන්න වඩාත් ඇලුම් කලේය..
අපි උසස් පෙල පටන් ගත්ත අලුතම අපට තිබ්බා අලුතෙන් උසස් පෙළ කරන්න ආපු අය අදුනාගැනිමේ පාටියක්.එකෙදි ජැකාට සින්දුවක් කියන්න අවස්තාව තිබ්බා. කිසිම පැකිළිමක් නැතිව ඉස්සරහට ආපු ජැකා සින්දුව කියන්න පටන් ගත්තා..
කපුගේ මහත්තයා ගායනා කරපු දැස නිලුපුල් තෙමා කියන ගිතය තමයි ජැකා ගයනා කරේ
සින්දුවෙ මුල් කොටස කියපු ජැකා එහි අනුවාදනයද ඉදිරිපත් කරා..
අහො කරුමෙට ඊලග කොටස අමතක වෙලා..
නලලෙ රැදුනු දාඩිය පිහ ගත්ත ජැකා හනිකව සින්දුව මතක් කරා.. අනුවාදනය අවසන් වෙද්දිම ජැකා කිවෙ
මෙ.මොකක්ද..මොකක්ද....!
නිහඩ හදවත් පොතේ ලියවුනු..
ජැකා දෙවෙනි කොටස පටන් ගත්තේ එ ආකරයටයි..
බෙක බෙක හඩ ඔස්සෙ ගෙම්බෙක් හොයන ගැරඩියෙක් වගේ ඔලුව දස අතේ විසික්ක කරමින් නැටුමක්ද ඉදිරිපත් කරන්න ජැක අමතක කලෙ නැ.එ ඌ ගෙ සුපුරුදු නැටුම
ජැකා ගෙ සටහන් පොත් කවදාවත් පිලිවෙලකට තියෙනවනම් අපි දැක්කෙ නැ.පොතෙ කවරයෙ ඉදන් මුලු පොත පුරාම පුන්චි පුන්චි නොට්..දිගට හරහට උඩට,පහලට හැම පැත්තටම නොට්..
පොර නොට් ගහන්නෙ පොරට ඔන එව විතරයි.පන්තියෙ මිස් ගෙ නොට් එකෙන් උට වැඩක් නැ.පාඩම අහගෙන ඉදලා තමන්ට අවශ්‍ය ටික විතරක් නොට් කරගන්න උ හපනා..
උසස් පෙළ කරන කාලෙ තමයි ජැකා ඉස්සරොම කෙල්ලෙකුට පෙරන්න පටන් ගත්තේ..ඒ බොටනි ටියුෂන් ආපු කෙල්ලෙකුට
සුදු,ටිකක් මිටි,මහත බඩු කැල්ලකට තමා ට්‍රයි එක පටන් ගත්තේ..ඒකි බලිකාවෙ..මුට එකිව දැකල හිතට අල්ලලා ගිහින්..අපිට එකි ගැන ලොකු වර්ණනාවක් දුන්නා..
එ එකි මාරයි බන්.මාරම හැඩැයි..හොද වත බන් උන්ට..ජැකා වර්ණනාව පටන් ගද්දිම එකෙක් කීවෙ
"උබට කොහෙද කෙල්ලො සෙට් වෙන්නෙ බන්"උබ නිකන් කුස රජ්ජුරුවො වගෙ ඉදගෙන කොහෙ කෙල්ලො සෙට් වෙන්නද..."
ජැකාගෙ කොන්ඩෙ දෙපැත්තැන් ගොඩාක් තුනියි..ඉතින් කොන්ඩෙ කපලා සතියක් විතර ගියාම ඉස් මුදුනෙ කොන්ඩෙ හොදට වැවිලා දෙපැත්තෙන් කොන්ඩෙ නැ.ඔලුව නිකන් හරියට කොන්ඩ කැවුමක් වගෙයි..
ඒක හින්දා ජැකාට කියපු නම තමා කුස රජ්ජුරුවො..
කොහොම කොහොම හරි කතාව ඇදිගෙන යද්දියි එලියට ආවෙ,ජැකා ලගම හිටපු පන්තියෙම එකෙකුත් ඒකිට ට්‍රයි කියලා.ජැකාගෙ සිහිනය බොද උනත් තවත් ජැකා මේකිට ට්‍රයි..ක්ලාස් ගිය දාට පහුවාද අපට ඇවිත් කියනවා
"අරකි අද මාර විදිහට මා දිහා බැලිවෙ බන්..මට හිතෙන්නෙ ඒකි මට ලව් කියලා"
ටික වෙලාවකින් අනිත් එකා කියනවා උනු ඇත්තම සිද්ධිය..
මෙකා ඉතින ගොන් පාට් එකක් දාලා ගොනා වගේ තප්පුලලා හිනාවෙද්දි කවුද බලන් නැත්තේ..
අවසානෙ යාලුවො දෙන්නම මේකි ගැන තිබ්බ අදහස අතැර ගත්තෙ එකෙක් එකිගෙන් අහලා එකි බැන්නට පස්සෙ..
ජැකා පට්ට මීටරයක්..කවදාවත් හරියට නොට් ලිවෙ නැතත්,පාඩම් නොකලත් කියනෙ දේ හරියට ඔලුවට දාගෙන ටෙස්ට් එකෙදි ගේම දෙනවා.
ජැකාගෙ ටියුෂන් ටියුට් නිකන් ඩස්ට්බින් එකකින් ගත්ත පත්තර පිටු වගේ.දහරැහැට නැවිලා..
ජැකා එක්ක ටියුෂන් ගිහීන් කිත්තාගෙනුත්,කෙමෙස්ට්‍රි රාජා ගෙනුත් බැනුම් අහපු වාරනම් අන්නන්තයි.ප්‍රධාන හෙතුව ජැකා ලග තිබුනු අමුතු වැඩයි,මහ හයියෙන් හිනවෙන එකයි..
කාලය ගියා.ඔන්න ඉස්සෙල්ලාම වතාවට උපෙළ ත් කරා.විබාගෙ පාස් වෙයිද කියලා විශ්වාස නොකරපු හැමදෙනාම ආයෙත් රිවිෂන් ක්ලාස් බඩ ගාන්න පටන් ගත්තා..ජැකත් ආයෙත් අපිත් එක්ක..ඒ කියන්නෙ ඌටත් විශ්වාසයක් තිබ්බෙ නැ..ඒත් ප්‍රථිපල ආපුවාම දැක්කා ජැකා අපෙ ඉස්කොලෙන් උඩින්ම පාස් වෙලා.දිස්ත්‍රික්කෙනුත් ප්‍රමුඛයින් අතරට..
ඊට පස්සෙ ජැකා රිවිෂන් එන එක නැවැත්තුවත් ක්ලාස් ලගට එන එක නවත්තුවෙ නැ..
ඒත් එක්කම ජැකා ලා පාස් උනාම දුන්න පාටියත් අමතක කරන්න බැ..
දෙවෙනි පාරත් උපෙළ කරපු අපි ඊට පස්සෙ යන්නෙ ඉන්ග්ලිෂ් කොෂ් කරන්න..
ආයෙත් ජැකා අපිත් එක්ක එන්ග්ලිෂ් ක්ලාස් එනවා..මහා සෙනගක් මැද්දෙන් උදෙන්ම ගිහින් අල්ලා ගන්නා අන්තිම පෙලියෙ අපි වාඩි වෙනව..
ඔය අතරෙ තමා ජැකාගෙ දෙවෙනි ප්‍රෙම කතාව පටාන් ගන්නෙ..
ඒ ගැනු ළමයගෙ නම නිලු උනත් ජැකා කිවෙ මොනාලිසා කියලා.මොකද කෙල්ල ටිකක් ලස්සන නිස.ඇත්තටම ටිකක් නෙමෙ කෙල්ල ලස්සනයි..
දිග කොන්ඩය,රවුම් මුහුණ උසට සරිලන මහත සේරම තිබුනා..අනුරාධපුරෙන් කුරුණැගල ක්ලාස් ආපු නිලු නැවැතිලා හිටියෙ කුරුණැගලමයි..
එතකොට ජැකාගෙ පළවෙනි ප්‍රේමයෙ දුෂ්ඪයා අපෙ යාලුවත් නිලුගෙ යාලුවට ට්‍රයි..
අනේ ......පුංචි ප්‍රෙමවන්තයින් නිසා අපි කාපු කට්ටක්..බස් ස්ටැන්ඩ් එක වටේ...කෙල්ලො දෙන්න යන පාරවල් ගානෙ..,කඩවල් ගානෙ අපිත් මුන් දෙන්නත් එක්ක ඇවිදින්න යනවා..
ක්ලාස් ඇරිලා ගිනි අව්වෙ........
කොහොම හරි කාලෙ ගෙවිලා ගියා..ජැකාගෙ මුවින් නිතරම ප්‍රෙම ගීත අහෙන්න ගත්තා..පොත් පිටු අතරෙ නිසදැස් පිරිලා.කවදාවත් සෙන්ට්/ක්‍රිම් ගාපු නැති ජැකා ඒවත් ගාන්න පටන් අරන්...
ඇනුරාධපුරෙ කුමාරිහාමි නිසා ජැකා දැන් පිලිවෙළයි..හැමදාම අදින ඩෙනිම වෙනුවට අලුත් ඩෙනිම්.ෂර්ට්....
ජැකාගෙ අලුත් වෙනස් වීම ගැන සෙට් එකට මාර සතුටුයි..අපි නිලුට පින් දුන්නා.කාලය තවත් ගෙවිලා යනකන් ජැකාට ඉන්න බැරුව ගියා.....
මන් මචන් හෙට මෙකිගෙන් අහනව...හදිසියෙම ජැකා කිවා..
අනේ බැ කිවොත් උබ මැහිතෙල් බොන්න එපා..අපි බොන්නම් උබ වෙනුවෙන්..අපෙ යාලුවෙක් කිවා..
"නැ බන්..මන් අද ගිහිල්ලා කතරගමට බාරයක් වෙනව..මෙක හරි ගියාම කට්ටියම කතරගම යමු.අනික බන් මෙකි ජැකා ගැන අනුකම්පා කරලවත් දවසකට හරි කැමති වෙයි.බලපන් මු දැන් ටිකක් විතර මිනිහෙක් වගෙ ඉන්නවනෙ.."ඇත්තටම මට ජැකා ගැන අනුකම්පා හිතුනා
ජැකා නිලුට තම ආදරය ප්‍රකාශ කරන දවසෙම ජැකාගෙ පලමු ප්‍රෙමයෙ දුෂ්ඨයා උනු සුජා ත් නිලුගෙ යලුවා වන චන්දිමා ට තම කැමැත්ත දෙන්නයි හදන්නෙ..
මොනව උනත් කමක් නැ.වැඩෙ හරි ගියාම අපට පාටියක් දිපල්ලා..අපි කීවා...
එද ක්ලාස් එක අවසානයෙදි දෙන්නාම කෙල්ලො දෙන්න පස්සෙන් ගිහින් දෙන්නත් එක්ක කතාවට වැටුනෙ හරියටම අපෙ ඉස්කොලෙ ලගදි..මහා විශාල අඹ ගහ යට හෙවනෙ දෙපැත්තකට වෙලා දෙන්න කෙල්ලො දෙන්නත් එක්ක කතාව..වෙලාවකට පෙම් හිනා.තවත් වෙලාවකට ගැඹුරු කල්පනාවල් වල.පැයක විතර කතාවෙන් පස්සෙ සුජා අපි දිහාවට අවෙ "මගෙ වැඩෙ නම් හරි"කියන මුහුනෙන්.අපට මාපට ඇගිල්ල දික් කරලා කීව දේ ජැකාත් දැක්කා.
තවත් විනාඩි කිපයක් යද්දී නිලු ජැකා ගෙන් මිදි යන්න ගියා..
දාපන් සුජා 5ක්.......මගෙ වැඩෙ හරි..කියමින් ජැකා සුජා ට අත දික් කරා..
මගෙ එකත් හරි යකො...සුජා ජැකා ට කීවා..
අහ් හරි..දැන් වැඩෙ හරිනෙ..අපි අය උඹලා පස්සෙ එන්නැ..උඹලා තනියම වැඩෙ කරගෙන යමල්ලා..අපෙ මිත්‍රයෙකු වු "කසියා" එහෙම කීවා..
දවස් 2,3ක් ගියා.උන්ගෙ කතා වලින් තෙරුනෙ කොල්ලො දෙන්නාගෙ වැඩෙ නැගලමා යනව වගෙ.කවද්ද පාටිය........,දවසක් අපි ඇහුවෙ දෙන්නාම ඉන්න තැන..කිසිම පැකලිමක් නැතිව ජැකා දවස දුන්නාම සුජාටත් එදාම සෙට් වෙන්න කීවා..
දෙන්නා ගානෙ පාටිය.පාටියට දවසත් දාගෙන බිමට අවශ්‍ය බීම වර්ගයත් තැනත් මමම යොජනා කරා..
කුරුණැගල තිබු හොදම අවන්හලකට ගොඩ වැදුනු අපි එදා නම් බිවෙ සුපුරුදු ගල්පැන් වෙනුවට වෙනත් බීමක්..ඒ මකුලු ගද ඇති බ්‍රැන්ඩි වර්ගයක්..කටගැස්මත් හොදම වරගයෙන්..
නිලුගෙත් ජැකාගෙත් ප්‍රෙම කතාව පටන් ගත්තා දා සිට ජැකාගෙ අනාගත බලපොරොත්තු දක්වාම කතාව දිගට ඇදුනා..
පැය කටුව කැරකෙද්දි කට්ටියගෙ සද්ද වැඩි උනා..තව බිම ඔනෙයි කියද්දි....
යකො මටයි එකිටයි අනාගතයක් තියෙන්න ඔනෙ..තොපිට තව බොන්න අරන් දෙන්න අපට බැ..නැද්ද මචන් කියමින් ජැකා සුජා දෙස බැලුවා..
ඔව්..දැන් හොදටොම ඇති.තොපිට පින්පොන් මෙහෙම හම්බුනාම මැදැ..කියමින් සුජා ද ජැකාගෙ කතාව අනුමත කරා..
හ්ම්ම්ම් එහෙනම් යන්න යමු..කියමින් කට්ටිය නැගිට්ටා..හිටපු තැනින් එලියට ආපු වෙලාවෙ ඉදන් කසියා ජැකාට බනිමින් කිවෙ..
නිකන් මකුලු ගද කටෙ ගා ගත්තා විතරයි..ඇගට කිසි ගානක් නැ..චිකේ මොකක්ද මෙ පාටිය..ලැජ්ජයි යකො.......කියමින් නොයෙක් වර්ගයෙ බැනුම් පදයි..
අවසානයෙ "හා යමල්ලා ඇතුගලට.මං තොපිට තව බොතලයක් අරන් දෙනව.හැබැයි සුපුරුදු ගල් තමයි"
ගල් බොතලයත් අරගෙන ඇතුගල පාමුලට ගිය අපි එහිදි ආයෙත් පටන් ගත්තා..ජැකා ගෙ මුවින් ලව් ගීත කියවෙද්දි කසියාත් මාත් එවට තාලය දෙමින් හිටියා..
එත් එක්කම ලස්සන ගිතයකින් උන්ව සතුටු කරපු හැටි තාමත් මතකයි..
"සිහිල් සුලන් රැල්ලේ......උඹෙ සුවද මුසු වෙ.....
"එක හැමොම වාගෙ එකතු වෙලා කියද්දින් ජැකාගෙ මුහුනෙ අලුත් ආඩම්බරයක් තිබ්බ.ජැකා ගෙ ඉල්ලීම පරිදි "මහද ගගන තලේ සොදුරු සද සම්පත නුඹයි.."කියන ගීතයදා එදා මාත් කසියාත් හැකි අයුරින් ගායනා කලා..
ආදර ගිතා වලින් පටන් ගත්ත බජව්ව නැගලම ගියත් නිලු ටවුමට එන වෙලාව ජැකාට හොදට මතක තිබ්බා..
ඒ එ ආ බන්..වෙලාව හරි...යමු ස්ටැන්ඩ් එක ලගට..අරකි බස් එකට ඇවිත් ඇති..කියමින් ජැකා පනාවක් ගෙන කොන්ඩෙ පිරා ලැස්ති උනා..
මකුලු සුවදයි,ගල්පැන් සුවදයි(ආක්කු කවද්ද ගද නේද) දාඩිය සුවදට එකතු වෙලා මාරම සුවදක් ඇගෙ තිබ්බෙ..හරියට කැලැවකට රිංගල ආව වාගෙ..
ඇතුගලින් බැහැලා ආපු අපි දැක්කා නිලු බස් එකේ ඉන්නවා..
දාඩිය පිහ ගනිමින් නිලූ දෙස බැලු ජැකාට නිලු කිවෙ මන් යනවා..කියලයි.
ආයෙත් හෙට එන බව දන්නා ජැකා..,,ටටා කියද්දිම ටාටා බස් එක හිමින් හිමින් ගමන පටන් ගත්තා..
පහුවාදා හැඩ වෙලා ආපු ජැකා බස් ස්ටැන්ඩ් එකේ අපිත් එක්ක හිටියෙ නිලු ඇවිත් බස් එකෙක්න් බහිනකන්....
අපුරෙ කුමාරිකාව බස් එකෙන් බැහැලා යාලුවත් එක්ක යන හැටි ජැකා ආසාවෙන් බලන් හිටියා..
යමල්ලා..යමල්ලා,,නිලු අන්න ක්ලාස් එක පැත්තට යනවා..ජැකා අපට කීවා..
ඉතින් උඹ පලයන්..අපි මොකටද උඹත් එක්ක එන්නෙ..
අනේ මට තනියෙන් යන්න බැ..වරෙල්ලා යන්න.....
හ්ම්ම්ම්ම් එහෙනම් යමුකො..
ජැකා නිලු පස්සෙන්ම ගිගින් නිලුට කතා කරා..ඔවුන් දෙදෙනාගෙ දෙබස් අපට ඇහුනෙ ඇත්තටම අපෙ කරුමෙටම තමයි.අපට ඇහුන් නැත්තම් ජැකා මොකාක් හරි බොරුවක් කියලා ඌට උන වැඩෙ හංග ගනිවි..
ඇයි ඔයා මං පස්සෙන් එන්නෙ..නිලු ඇහුවා..ඇයි ඔයා එහෙම අහන්නෙ...මට ඔයා අහන් දෙ තෙරෙන්නෙ නැ..
ප්ලිස්...මන් කියන දේ තෙරුම් ගන්න..ඔයා මන් පස්සෙන් එන එක අයිය දැක්කොත් මට මොකද වෙන්නෙ..මාව අසරණ කරන්න එපා,,
මට තෙරෙන් නැ හලො.ඔය මොනව කියනවද කියලා......ජැකා මහත් දුකෙන් කීවා..හ්ම්ම් අයිය දැක්කට අවුලක් නැ..මන් එයාට ඇත්තම කියන්නම්..මෙක කෙරෙන වැඩක් නිලු..අපි ගෙවල් වලට කියමු......
ප්ලීස්ස්ස්..ඔයා ඔක්කොම පටලන..මට පිස්සු හැදෙනව...නිලු බිම් බලානම කිවා..
මේ මං එදා ඔයාට කිවෙ..ඔයා ගොඩාක් හොද ලමයෙක්..මං එක අදත් කියනව..අහිංසකයි..මං ආසයි ඔයා ජීවත් වෙන විදිහට..ඒත් මට එක්කෙනෙක් ඉන්නවා..එ.යා..ට...... විරුද්ද වෙන්න මට බැ.ප්ලිස්ස් මාත් එක්ක තරහා වෙන්න එපා..එකයි මං ඔයාට කිවෙ මට අයියා කෙනෙක් ඉන්නවා කියලා..එදා මන් ඔයට කිවෙ"ඇයි ඔයා පරක්කු උනෙ"කියලා...
මාත් එක්ක තරහ වෙන්නෙපා..ප්ලිස්ස්....මං යනවා..
ප:ලි:සමහර නම් මනක්කල්පිතයි..
නිලු මාත් එක්ක ඇග්‍රි ඩිප් කරා..ඊට පස්සෙ හෙද විදුහලෙන් ඉගන ගෙන දැන් එයා හෙදියක්.ගම් පලාතෙම.ජැකා දොස්තර කෙනෙක් වෙලා.හොද ලයිෆ් එකෙක් ගෙනියනව.

Subscribe to:
Posts (Atom)