අප්‍රේල් 2 වෙනිදා.පුරුදු විදිහට කන්න ගියා.කැන්ටිමෙ රවුම් මේසේ ඉදගත්තා.මෙන්න එක පාරටම සින්හල කතාකර කර එන බුවෙක් දැක්කා.පොර සින්හලෙන් කතා කලේ බන්ගලියන් එක්ක.
ආ මේ අපෙ අලුත් වෙල්ඩර්..එතන හිට්පු චාලි අපට කීවා..
මල්ලි... එන්න මෙතෙන්න..කෙනෙක් කීවා..බත් පිගාන අතේ තියන් ආපු මූ..අපි ලග ඉදගත්තා..
අම්මෝ...ඇති..යාන්තම් ලන්කවේ සෙට් එකක් ඉන්නව මෙහෙ..මන් මේ කල කිරිලා හිටියේ අයියා
පොර දිගින් දිගටම කතා කරන් ගියා..බත් කලා නගිටිද්දි තමයි දැක්කේ...
මෙන්න....මුගෙ අත....
පව් අප්පා.ඇගිලි 5ම නෑ.අල්ලෙන් බාගෙකුත් නැ..
එතකොට කෝමද මු වෙල්ඩින් කරන්නේ..
ඔන්න ප්‍රශ්ණ ගොඩක් අපෙ ඔලුවට ආවා..මු අයෙත් තේ එකක් අරන් මෙසෙට් ආවා..
මල්ලි කොහොමද ඔයා මෙහෙ ආවේ.සුපුරුදු ප්‍රශ්නය..
දැන් මෙහෙමනෙ අයියා..මගෙ ඔලුවෙ තියෙන ප්ලැන් එක ඉතාලි යන්න..
ඉතින් ඉතාලි යන්න ඇනේ ගහන්න තමයි මෙහාට ආවේ..
Thursday, June 7, 2018
Friday, August 22, 2014
කරවල පුච්චපුවයි බතුයි කන්න බැ අම්මේ"
සදලු තලේ අත්වැටට වාරුදී ඇ මහ මග දෙස බලාසිටින්නිය.ඒ වෙලාව හරි බව ඇ හොද හැටිම දන්නා බැවිනි.
මගේ පෙජරෝ එකේ සුක්කානම මත ඇති නලාවේ හඩද ඇය හොද හැටි අදුනන්නීය.
ටිරි00...ට්‍රි00.., ඒ හඩත් සමගම ඇ පාර දෙස බලා අත්වනන සිනාසෙයි.
ඇ ඇගේම ගෙයි සදලු තලේය..මා පා පැදියේය..ඒ දේවල් කෙසේ වුවත් ඇ ජිවිතයේ දවසේ සතුටු වන මොහොත මෙය බව ඇ පවසා ඇත.
සැමදා මෙන්ම අදත් යාන්තමින් හිනාවුනු ඇය මා ආපසු හැරි කාමරයට යන්නට ගියේය.
ඒ අද දවසේ දුක හිතෙනම මොහොත බවද නිසැකය..,
කතා කිරිමට බොහො දේ ඇත,සිනාසීමට අවශ්‍යව ඇත.ලගින් ඉන්නට ඉල්ලනවා නිසැකය..ඒත් කෙදිනද?
Wednesday, May 28, 2014
තවත් කෙනෙක් එයි අද හෙටම
යනවා කියා මා අතහැරලා
කියා යන්න හෙට එනවාද
නොයා ඉන්නනම් කියන්නේ නැ
සත්තයි තනිකම හුරු පුරුදුයි
සිත්මල පිරුනම පෙම් සුවදක්
දුරක් නොදැන සුව විදින්න යයි
ඇදුනම සිත්තම සිත පතුලේ
මකාලන්න නම් අපහසු වෙයි
හිස්වෙන විට මල් ආසනයේ
අලුතින් සොද මල් වඩිනව සේ
හිස්වෙන හදවත පුරවන්න
තවත් කෙනෙක් එයි අද හෙටම
කියා යන්න හෙට එනවාද
නොයා ඉන්නනම් කියන්නේ නැ
සත්තයි තනිකම හුරු පුරුදුයි
සිත්මල පිරුනම පෙම් සුවදක්
දුරක් නොදැන සුව විදින්න යයි
ඇදුනම සිත්තම සිත පතුලේ
මකාලන්න නම් අපහසු වෙයි
හිස්වෙන විට මල් ආසනයේ
අලුතින් සොද මල් වඩිනව සේ
හිස්වෙන හදවත පුරවන්න
තවත් කෙනෙක් එයි අද හෙටම
Saturday, March 1, 2014
සදයි මලයි අපි දෙන්නද
සදයි මලයි යාළුවෙලා
සද හරියට උඩගු වෙලා
සද ඇතයි..මල නටුවෙයි..
ලන්වෙන්නට බැරි දුරකින්
සදළුතලේ ඔයා ඉන්න
ඈත ඉදන් බලා ගන්න
සද කිරණින් ඔකද වන්න
කඩුපුල් මල් කුමාරියේ
සොබා දහම අරුමයක්ද
ගෙනෙන අරුථ පුදුමයක්ද
කිසිම දාක ලන්නොවෙනා
සදයි මලයි අපි දෙන්නද
සද හරියට උඩගු වෙලා
සද ඇතයි..මල නටුවෙයි..
ලන්වෙන්නට බැරි දුරකින්
සදළුතලේ ඔයා ඉන්න
ඈත ඉදන් බලා ගන්න
සද කිරණින් ඔකද වන්න
කඩුපුල් මල් කුමාරියේ
සොබා දහම අරුමයක්ද
ගෙනෙන අරුථ පුදුමයක්ද
කිසිම දාක ලන්නොවෙනා
සදයි මලයි අපි දෙන්නද
Friday, September 13, 2013
සතපනු මා කන් අඩි සිහිලස දෙවමින්
හෙනහුරාදා එයි ඉරිදට නිවාඩුවත් අරන්
පුරුද්දට වගේ හිත යයි තට්ටය ලගට ඉතින්
වෙව්ලන්න ගනි දෑතම දගලවමින්
අයදී බෙහෙත් කන් අඩි දෙක රත්කරමින්
පර්ස් එක ලාච්චු පිහලා හොයා ගත්තු
දෙසිය මදිවේ බාගයක් ගන්න
දෙනවද සනසන්න කියක් හරි මාව
බෙහෙත් ගේන්න කන් අඩි දෙක රත්වෙන්න
බෝක්කුවේ සොහොන් පිටියේ බොන්න බැනේ
වැඩි උනාම කානු ගානේ ඉන්න බැනේ
එහෙම උනොත් ඔයාගේ නෙත කදුළු ඒවි
ගෙදර ඉදන් කන් අඩි දෙක රත්කරන්නේ
බටු පතෝල වට්ටක්කා කැකිරි කපලා
බලන් ඉන්න ගෙනා බිත්තරෙ අරන්
එකතු කරලා තෙල් ටික්කට දාලා
සැරට දෙන්න කන් අඩි දෙක රත්වෙන්නට
ගේ මිදුලෙ අඹ ගහ යට මද අදුරට
තල්ලු කරල රවුම් මෙසෙ ඒ ඇතුලට
විසී කරල ලැලි පුටුව මෙසේ ලගට
හදල දෙන්න කන් අඩි දෙක රත්වන්නට
අඩිය අඩිය ගහලා බාගෙ හිස් වෙද්දි
ඇස් ලොඹු දෙක රතු කරගෙන ගිනි විසිවෙන
ඉන්න එපා යක්ෂණියක් වාගේ ඔයා
ඩබල් වේවි රත්වෙන එක කන් අඩි දෙක
අඩිය තියලා ගෙට යන්නට බැරිවෙද්දි
දෙන්න ප්‍රියේ දැතම මගේ දැත වෙතට
වත්තම් කර මා ඇතුලට වඩම්මන්න
දෙන්න එපා කන් අඩි රත් වෙන්න මගේ
මයි මනි,ගල් බාගේ ගහලා වැඩි උනාම
මයි බඩ කැරකෙයි ටිකක් වැඩි වැඩියෙන්
මයි වමනය උබේ ඇගේ ගලා යද්දි
දෙන්න එපා කන් අඩි රත්වෙන්න මගේ
මෙත් මුදිතා කරුණාව දයා මොදු කරන්
ඔයා ඉන්න දෙහි ගෙඩියක් දෙකට කපන්
ඔළුව පුරා ලයිම් සුවද පතුරවමින්
සතපනු මා කන් අඩි සිහිලස දෙවමින්
පුරුද්දට වගේ හිත යයි තට්ටය ලගට ඉතින්
වෙව්ලන්න ගනි දෑතම දගලවමින්
අයදී බෙහෙත් කන් අඩි දෙක රත්කරමින්
පර්ස් එක ලාච්චු පිහලා හොයා ගත්තු
දෙසිය මදිවේ බාගයක් ගන්න
දෙනවද සනසන්න කියක් හරි මාව
බෙහෙත් ගේන්න කන් අඩි දෙක රත්වෙන්න
බෝක්කුවේ සොහොන් පිටියේ බොන්න බැනේ
වැඩි උනාම කානු ගානේ ඉන්න බැනේ
එහෙම උනොත් ඔයාගේ නෙත කදුළු ඒවි
ගෙදර ඉදන් කන් අඩි දෙක රත්කරන්නේ
බටු පතෝල වට්ටක්කා කැකිරි කපලා
බලන් ඉන්න ගෙනා බිත්තරෙ අරන්
එකතු කරලා තෙල් ටික්කට දාලා
සැරට දෙන්න කන් අඩි දෙක රත්වෙන්නට
ගේ මිදුලෙ අඹ ගහ යට මද අදුරට
තල්ලු කරල රවුම් මෙසෙ ඒ ඇතුලට
විසී කරල ලැලි පුටුව මෙසේ ලගට
හදල දෙන්න කන් අඩි දෙක රත්වන්නට
අඩිය අඩිය ගහලා බාගෙ හිස් වෙද්දි
ඇස් ලොඹු දෙක රතු කරගෙන ගිනි විසිවෙන
ඉන්න එපා යක්ෂණියක් වාගේ ඔයා
ඩබල් වේවි රත්වෙන එක කන් අඩි දෙක
අඩිය තියලා ගෙට යන්නට බැරිවෙද්දි
දෙන්න ප්‍රියේ දැතම මගේ දැත වෙතට
වත්තම් කර මා ඇතුලට වඩම්මන්න
දෙන්න එපා කන් අඩි රත් වෙන්න මගේ
මයි මනි,ගල් බාගේ ගහලා වැඩි උනාම
මයි බඩ කැරකෙයි ටිකක් වැඩි වැඩියෙන්
මයි වමනය උබේ ඇගේ ගලා යද්දි
දෙන්න එපා කන් අඩි රත්වෙන්න මගේ
මෙත් මුදිතා කරුණාව දයා මොදු කරන්
ඔයා ඉන්න දෙහි ගෙඩියක් දෙකට කපන්
ඔළුව පුරා ලයිම් සුවද පතුරවමින්
සතපනු මා කන් අඩි සිහිලස දෙවමින්
Thursday, May 30, 2013
මගෙ මැනිකෙට
කිවුල් දියෙන් නා හිස තෙත පිරි මැද
දරුවන්ටත් කිරි කටක් පොවාලා
ගොම මැටි ගෙබිමේ පැදුරක් එලලා
වහලේ සිදුරෙන් මාව හොයනවද
නොහඩන් මැනිකේ කදුලු හලාලා
එන්නම් හනිකේ කහවනු අරගෙන...
පාසල් ඇදුමට සපත්තු නැතුවම
බත්මුලේ සම්බොලය තනිවෙද්දී
දරුවන්ගේ නෙත් කදුලු පිරෙද්දි
කොහොමද මැනිකෙ ඉන්නෙ උහුලන්
ඒකයි මැනිකෙ ආවෙ දුරු රට
නොහඩන් මැනිකෙ කදුලු සලලා
ගොවිතැන් කරලා රජ වෙනු බැහැනේ
වැසි දෙයියො උරන වෙනවනේ
කාන්තාරේ මෙහෙ සුදු වැල්ලි අතරින්
කදුලුවලින් කහවනු බෙරාගෙන
එන්නම් මැනිකේ වසර දෙකයිනේ
නොහඩන් ලතැවි කදුලු සලාලා
දරුවන්ටත් කිරි කටක් පොවාලා
ගොම මැටි ගෙබිමේ පැදුරක් එලලා
වහලේ සිදුරෙන් මාව හොයනවද
නොහඩන් මැනිකේ කදුලු හලාලා
එන්නම් හනිකේ කහවනු අරගෙන...
පාසල් ඇදුමට සපත්තු නැතුවම
බත්මුලේ සම්බොලය තනිවෙද්දී
දරුවන්ගේ නෙත් කදුලු පිරෙද්දි
කොහොමද මැනිකෙ ඉන්නෙ උහුලන්
ඒකයි මැනිකෙ ආවෙ දුරු රට
නොහඩන් මැනිකෙ කදුලු සලලා
ගොවිතැන් කරලා රජ වෙනු බැහැනේ
වැසි දෙයියො උරන වෙනවනේ
කාන්තාරේ මෙහෙ සුදු වැල්ලි අතරින්
කදුලුවලින් කහවනු බෙරාගෙන
එන්නම් මැනිකේ වසර දෙකයිනේ
නොහඩන් ලතැවි කදුලු සලාලා
Saturday, January 19, 2013
මට පුදුමත් හිතෙනවා
මට පුදුමත් හිතෙනවා
ඒ ඔබ හරි පුදුම නිසා
මට පුදුමත් හිතෙනව
ඒ ඔය සිත පුදුම නිසා
කදුලක රහ නොදුටූව දෙනෙත් යුග
කදුලින් තෙත් වෙලා..
හැමදාමත් දිලිසුනු ඔය නෙත් යුග
රතු වී මැළවිලා..
මට පුදුමත් හිතෙනවා
ඒ ඔය සිත මෙලෙක් වෙලා
කවදාවත් ආදෙරේ නැතැයි කියූ
ඔබ මගේ ආදරය පතයි..
මිය යනතුරු නොදකින්න පැතූ
ඔබ මා සොය සොය ලතවෙයි..
මට පුදුමත් හිතෙනවා
ඒ ඔබ දැන් වෙනස් නිසා
Friday, December 28, 2012
ගැනු අපට කොයින්ද ආත්ම ශක්තියක්
මගේ ජිවිතයේ හිමිව තිබු දේවල් එකින් එකින් නැතිවි යද්දි,ඉතිරි වන දෙයින් සතුටු විමට මා හුරු වුවෙමි.
ඒත් නැතිවෙන දේවල් ගැන මතක් වෙද්දි නෙතට ඉනු කදුලු බිංදු හුළගට පාවෙලා ගියේ...
මුව වසා ගන්නට ආ හැඩුම නතර වුයේ,එකම එක දෙයක් ගැන මතක් වීමෙනි,,,
ඒ මං දහස් වාරයක් උබට කියා ඇති විදිහටම...ඔයාගෙ දගකාර මුහුණත්..හැගීම් බර ඇස් දෙකත් සිහියට එන විටය..
ඔයාගෙන් ලැබු ආදරයත්,මට මං ලග ඉතිරි වී ඇති ආත්මශක්තියත් එකතු කරගෙන ජීවිතය කොහොම හරි ගැට ගහගන්නවා යැයි මා සිතු හැම වාරයකම මා ඒ බව ඔයාට කියල තියනවා..
ඒ නිසාවටම මා ඔයාගෙන් ඉල්ලා තිබු එකම දෙයක් වේ නම් මා ජිවත් කරවන ඔය ආදරය නැතිකරන්න එපා කියන එක බවත් ඔයා හොදටම දන්නවා...
ඒත් හීනෙකින්වත් හිතපු නැති විදිහට ඔයත් මගෙන් වෙන් වෙලා ගියාම....,
මන් ගොඩාක් අසරණ උනා....
Sunday, December 23, 2012
යකෝ තේ ගෙනාපිය..
ආයෙත් හිතුනා චුටි චුටි කතා කැලි ටිකක් ලියන්න..
සමනළයා
ඔන්න කට්ටිය පුරෝගත්තු බස් එකක් ගමන ආරම්බ කර යන්න පටන් ගත්තලු.ටිකක් දුර යද්දින් එක්තරා මගියෙක් කොන්දොස්තරට කැ ගසනාවලුඅනේ කොන්දොස්තර මහත්තයෝ...ඔයාවත් මට උදව් කරන්න කියනවලු
කොන්දොස්තර තැනත් මගියගේ කතාවට ඇහුම් කන් දීලා ඇසුවලු මොකක් ද මේ ප්‍රශ්නේ කියලා..
මට මේ මනුස්සයා හොදටම බනිනව.කියා මගියා තවත් මගියෙක්ව පෙන්නුවලු
ඊට පස්සේ කොන්දොස්තර ඇහුවලු..මොනව කියලද බනින්නේ කියල
එක එක දේවල් කියලා බනිනව කීවලු
බල්ලා..,මී හරකා කිය කිය බනිනව කීවලු
එහෙනම් ඉතින් තමුනුත් සතෙක් ගෙ නමක් කියලා බනිනවා.. කීවලු
බැනුම් ඇසු මගියා ටිකක් කල්පනා කලාලු
එක පාරටම ඔහු ඔහුට බැනු මගියා දෙස හැරි...
සම..නළයා...කීවලු..
කැමට පෙර
දවසක් මන් රැ කැමට කැන්ටිමට යන්න ලැස්ති වෙලා කමරෙන් එලියට එද්දිම එහා කාමරේ ඉන්න සුරා කාමරේ දොර ලග
දොර අරිනගමන් සුරා මා දිහා බලලා
කන්න ඉස්සෙල්ලා මොනව හරි කරනවද?කියලා ඇහුවා
මාත් බැලුවා කැමට ඉස්සෙල්ලා කියන්නේ ෂොට් එකක් දාන්න වෙන්නැති නෙ කියලා
හ්ම්.......කිවා.
මොනවද තියෙන්නේ?...
අරු එදා ගෙනාපු එකෙන් තව ටිකක් ඉතුරු වෙලා තියනව..සුරා කීවා
නියමයි නේ.. මට නිකන්ම හිතුනා
ඒත් එදා ගෙනාපු දෙකම ඉවර උනානේ..
නැ..නැ..තව තියනවා...සුරා කීවා
මොනවද?
මිරිස් කුඩු,ගොරකා.,
මොකාක්..මන් අහද්දින්
මන් කිවේ අරු ලන්කාවෙන් එද්දින් ගෙනාපු පහේ ටිකක් ඉතුරු වෙලා තියනවා
කරියක් හදනවනම්......
යකෝ තේ ගෙනාපිය..
මල්ලි අපිට තේ 4ක් ගෙන්න..මෙන්න වෙටර් කොලුවා උනුවතුර ටිකක් කොප්ප 4 කට දාලා හැදි 4 කුත් එක්ක ගෙනාවා
මේක දිහා හොදට බලපු කසියා...
යකො උනු වතුර නෙවේ තේ ගෙනාපිය..
මොනවද මේ හුනු බිජු වගේ බැග්..මෙව වැඩක් නැ..හොදට කහට දාපු තේ 4ක් ගෙනාපන්
(ටි බැග් ප්‍රොමොට් වෙන කාලේ උනු සිද්දියක්..)
ලොක්කා: මේ මාසෙ පඩි නම් ටිකක් පරක්කුයි,කමක් නැනේ
සේවක : හ්ම්..
ලොක්කා: ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නයක් නැනේ
සේවක :නැ
ලොක්කා: ඔයා නම් ප්‍රශ්න කියන ඒවා දන්නෙත් නැ වගේ..ශෝක් මනුස්සයෙක්
සේවක: ප්‍රශ්න කියන ඒවා දන්නවනම් මන් විබාගේ ෆේල් වෙන් නැනේ..
ප්‍රශ්න...

Saturday, December 15, 2012
FB ලව් එක
මුනු පොතේ කොළ බුබුළට බැදුනු ආදරේ
කොට කොට කොටනා මගේ පෙම් කතන්දරේ
මේක අම්මා දන්නේ නැ...
මේක අප්පා දන්නේ නැ..
කොට කොට කොටනා මගේ පෙම් කතන්දරේ//
මුනු පොතේ ෆොටො එකයි පට්ට ගින්දර
ඇත්ත මුන දැක්ක දාට යයිද මගේ පණ
කොලු පැටියෙක් මට දෙනවාදො හොද පරිප්පුව
කව්ද දන්නේ මේක යලුවෙක්ගෙ වැඩක්දෝ
හෙට ඉදියිද ඇ ඇවිදින් අයියා එක්කලා
අයියා දෙයිද මට කන්නට නැතුව දත්ටික
දුන්නොත් මම අතාරින්නේ හොදට සෙම්බුව
අනේ මෙයා ඩිවොස් විච්ච හුචක්කුවක්දෝ
Monday, December 10, 2012
නැතත් නුබ දැන් කමක් නැ
පදම් වී ඇත සිත දුකින්
ගුදම් ගණනක කදුලු ගොස්
තවත් නැ වෙන්නට දෙයක්
නැතත් නුබ දැන් කමක් නැ
අත්වැලක් වී ඉන්නමයි ලග
අත්වැලුත් බැද හිටියේ නුඹ ලග
නිශ්ඵලයි මා පිදු සෙනහස
වැටහුනේ නැති තැනදි ඔබ හට...//
වැටහුණා සේ සිටියේ ඇයි මා
රැගෙන ආවේ ඇයි දුරක් මා
පුරුදු තනිකමේ තියලා මා
නුඹත් යන්නට ගියා ඇත්තට..//
Monday, December 3, 2012
ඉදින් සිත තද කරන...
පහන් දැල්ල වගේ....හමන සුලග ලග..
එලිය දස අත විසි කරන..
දුර ගමන් යන්න බැ ඔය සිතත් එක්ක නුඹට
ඉදින් සිත තද කරන..
කවි වදන් කියයි...රස බොජුන් දෙවයි..
සුරපුරය නුබෙ මුහුන කියයි
මෘදු ලැමම පතයි...උන් හද නොපතයි
ඉදින් සිත තද කරන...
පටු රෝස දෙතොල් ලග..ඇති සුවද විදින්නට
කොල්ලන් ඒවි රන්චු ගැසි...
මෘදු ලැමම පතයි...උන් හද නොපතයි
ඉදින් සිත තද කරන...
Sunday, November 25, 2012
වසන්තය එනතුරු
අනේ මන්දා හෙට ඉදන් මොනා කරන්නද කියලා..
ඇයි මොකෝ උනේ....
කියන්නකෝ කොහෙදෝ බලන් ඉන්නේ..
මොනාද?..
දැන් ඔයා ඔය කිවේ..'හෙට ඉදන් මොනා කරන්නද මන්දා කියලා'
ඉතින්...
ඉතින් මං අහන්නේ මොකද එහෙම කියන්න හෙතුව කියලා
නැ........විශේෂ දෙයක් නැ..
නැතිවෙන්න බැ..
හෙට ඉදන් මොනා කරන්නද ඉතින්... වැඩට යනව මිසක්...
ඔන්න ආයෙත් කල්පනාවක..
ඔයා මගෙන් හංගන මොනා හරි දෙයක් තියනවා..
මොනා හංගන්නද ඔයාගෙන්..
එහෙනම් කියන්න..
මට වෙන ජොබ් එකක් හොයාගන්න වෙනවා..'ඔන්න කීවා..'
ඇයි ඒ......
හෙතුව නම් මන් වත් දන්නේ නැ,එත් කට්ටියව අස්කරනව.ඉතින් මාත් හිතුව අස්කරන්න ඉස්සරින් අස්වෙලා වෙන ජොබ් එකක් හොයාගන්න..තව දවස් 5 මන් මෙ ජොබ් එක කරන්නේ..
ආ...........මේකද මේ ප්‍රශ්නේ.
ඔව් ඉතින්.ජොබ් එක නිසානේ අපේ හැම දෙයක්ම රැදිලා තියෙන්නේ..

Wednesday, November 7, 2012
ආදරණිය සිෆානා..
අඩ නළල යටින් දිදුලන ඔය නිල්වන් තරු කැට
බලා.. ඉන්න ආසයි ඔය නිල නුවන් දෙස
තොරතෝන්චියක් නැතිව කියන කැඩිච්ච සින්හල
මම ආ...දරෙයි..
මම ආ..දරෙයි කියනව මගෙ සිතනම් උබ හට..
සලාම් කියන්නට දන්නැ කුරානයෙ බස
කියා දෙන්න සැතපි මගෙ පපු තුරලේ හිද
නිදා නොනිද පහන් කරපු රැ කීයද වග
දනීනම් නුබත් මෙලහට සිත දීලා මට
නිදා නොනිද පහන් කලේ සද සිහිකර මම
නැගි එන්න හද අරණට රාමලාන් සද
බේද මොටද ඉන්න ටිකේ මේ ලොව තුල තව
රටා අදිමු මරතෝණ්ඩිය දැත බැදන් අපි..
Wednesday, October 31, 2012
දෙන්නම නළවනවා තමා..ඒක මට වැඩියක් නැ..
හලෝ චුටී මල්ලී.....අදිනවා නේද කැහිකූර ඇගේම හයිය අරන්..
මුවින් පිටවුන දුම් බෝලය තුලින් මා ඔහු දුටුට්වේය..කෙඩැරී සිරුරත් වියලී ගිය මුනෙත් පෙනුනේ ඉඩෝරයකට අසුවිමෙන් මියදුනු ලොකු බලපොරොත්තුවක් සිතේ ඇති බවමය.
කියලා වැඩක් නැ අයියා...මේකවත් ඇදලා සැනසෙනවා..
වරන් ටිකක් ඇතුලට..වැහි පොද වැටෙනවා..
ඌ හිටපු තැනට වැහිපොද ආ නිසාවට මා එසේ කිවේය..
'මට ඔය වැස්සට තෙමිලා හොදට හුරුයි අයියා..ඔය වැහි කලුව බලන්න ආසා හින්ද තමයි මන් මෙතෙන්නම ආවෙ දුම දාන්න..'
ම්ම්ම්....කෝකටත් උබලා ගෙදරට කෝල් එකක් දීපන්..
ඒ මොකො..
මට හිතෙන්නේ උබ මරු විකලෙන් කියොනව වාගේ..මැරිලා ගියොත් අපටයි?? ......
මැරනවනම් මීට ඉස්සෙල්ල මැරන්නේ අයියා.....
හරි හරි වරෙන් වරෙන් මෙ අයිනට..වහිනවා හොදටම...
මාත් ආසයි බන් වැස්ස දිහා බලාන ඉන්න..මට මගෙ පොඩි කාලේ මතක් වෙනව..
නැවතත් ඔහු අලුත් සිගරට්ටුවක් පත්තු කරගත්තේය..
යකෝ ඔච්චර බොන්න එපා..
මැරිලා යනකන්නේ අයියා..අපට හම්බෙන උන් හම්බුනෙත් අපිව නොමැරි මරවන්න..
හ්ම්.....
ඔයා දන් නැ අයියා මෙ ජිවිතයේ හැටි..මෙ වැස්ස වහිද්දි මම ගොඩාක් දුර යනවා..
අනේ කියපන්කො කොහාටද යන්නේ කියලා...
අයියා...ඒ ලෙවල් කරන කාලේ මන් ආසා කරපු කෙල්ලෙක් හිටියා..මාත් එක්කමයි ඉස්ස්කොලේ ගියේ.අවසානේ මට තෙරුනා මෙකිත් මට කැමැතියි කියලා..එ නිසාම මන් එකිගෙන් අහන්න ගියෙ නැ.
මන් හිටියේ වැඩෙ හරි කියලා..ඒත් අනේ ඒ ලෙවල් කරලා ඉවර උන ගමන්ම මේකි එකෙකුටු බන්දලා දුන්නා..
ඉතින්...
ඊට පස්සෙ මාත් ඔන්න හිත හදාන හිටියා.මන් ජොබ් එකෙකටත් ගියා..
ඔන්න දවසක් මන් නිවාඩුවට ගෙදර එද්දින් මෙයා බබත් එක්ක බස් එකෙ හම්බුනා..කරුමෙට බස් එකේ හිස්ව තිබුනු එකම සිට් එක තිබුනෙත් එයා ලගමයි..
කතා කරා,ඒ නිසාවට මාත් කතා කරා..ඒ අස්සේ පොඩි එකි මන් දිහාම බලා හිටියා හිනා විවි..කරුමෙට පොඩි එකි මගෙ අතට පැන්නා..
කොච්චර උනත් මටත් ආසාහිතුනා වඩා ගන්න..ඔය අතර තුරේ ෆෝන් නම්බර්ස් එහෙමත් මාරු උනා දෙන්න අතර....

Tuesday, October 30, 2012
චතු වෙනුවෙන් ගෙතු ගී.....
නෙත් කෙවෙනි අකුණු සර කරලා.
සිනහ හඩ ගෙරවුමට පෙරලා
උබ පැතු නෙත් ලග...
ඇයිද මහ වරුසා වැට්ටුවෙ.......
චතු............../
සිනහා නෙතු ලග සිත සෙනේ පිරුවා...
ලගම ඉන්නට මා පෙරුම් පිරුවා...
හිනහිලා සැනසිලා...
ඉන්න ඔබ ලග ඉඩ නැතිද චතු...
කාසි බාගය අඩුව ඇති හන්දා
තනිය මා හට උරුම කර රන්දා
මනාලි හැඩ වෙලා.....
යද්දි ආසිරි එක සිතින් පැතුවා.../
එයා හිනැහිද්දින් හරිම ලස්සනයි මචන්..ගොඩාක් කෙල්ලො හිනා වෙනව වගේ නෙමෙ..
හරිම ලස්සන කට හඩක්..
අනික හිනා වෙන වෙලාවට ඇස් දෙක දිලිසෙනවා..
හ්ම්..........
මට තාමත් මතක් වෙනව බන්..
මාත් එක්ක ලග හිටපු හැටි..
ඇත්තමයි මන් හිතුවෙ නැ මට වරදියි කියලා..
අපෝ....අපි හිතපු දෙවල්..අපි ගිය දුර...

Friday, October 26, 2012
බ්ලු බලන්න නම් ඇන්ටනාවට ජංගියක් දාපන්..
කට්ටිය සෙට් වෙලා කතා කර කර ඉන්න අතරෙ උනු පොඩි පොඩි කැලි ටිකක් ලියන්න හිතුනා......
සැහෙන කාලෙකින් නෙ මෙ බ්ලොග් පැත්තේ ආවෙත්...
මේ ලංකාවට සුනාමිය ආපු දවස් වල වෙලා තියන සිදුවිමක්..
අපේ යාළුවො කට්ටියක් ගිහින් සුනාමිය බලන්න..හරියටම 3 දෙනෙක්..ගියපු හැටි අපිට කිවා එක යාලුවෙක්..
මචන්..ඔන්න අපි දැන් යනවා ගල්ලෙ යන්න හරි
හරි..හරි..කව්ද දැන් ඔතන යන්නේ
මගෙ යාලුවො 2 කුයි,මායි
මන් පදිනවා මගෙ බයික් එක..පිටි පස්සටත් එකෙක් දාගත්තා..
තව අපෙ යාලුවෙක් හිටියා,පොර ගොලුයි.පොරගෙ බත් කුරගෙ පොර තනියම..
මචන් අපි අස්සෙන් අස්සෙන් දාලා ඔන්න ගාල්ල කිට්ටුවටම ආවා..
ගොලුවත් අපිත් එක්කම ආවා..
ඊට පස්සෙ අපි තව ටික දුරක් ගියා..මගට ගිහින් බලන කොට ගොලු කොල්ලා නැ..
අපි ආයෙත් හොයාන එද්දින් පොර ඉන්නව මග බයික් එක නතර කරන්
සැහෙන කාලෙකින් නෙ මෙ බ්ලොග් පැත්තේ ආවෙත්...
ගොලුවෙක් කතා කරයි..
මේ ලංකාවට සුනාමිය ආපු දවස් වල වෙලා තියන සිදුවිමක්..
අපේ යාළුවො කට්ටියක් ගිහින් සුනාමිය බලන්න..හරියටම 3 දෙනෙක්..ගියපු හැටි අපිට කිවා එක යාලුවෙක්..
මචන්..ඔන්න අපි දැන් යනවා ගල්ලෙ යන්න හරි
හරි..හරි..කව්ද දැන් ඔතන යන්නේ
මගෙ යාලුවො 2 කුයි,මායි
මන් පදිනවා මගෙ බයික් එක..පිටි පස්සටත් එකෙක් දාගත්තා..
තව අපෙ යාලුවෙක් හිටියා,පොර ගොලුයි.පොරගෙ බත් කුරගෙ පොර තනියම..
මචන් අපි අස්සෙන් අස්සෙන් දාලා ඔන්න ගාල්ල කිට්ටුවටම ආවා..
ගොලුවත් අපිත් එක්කම ආවා..
ඊට පස්සෙ අපි තව ටික දුරක් ගියා..මගට ගිහින් බලන කොට ගොලු කොල්ලා නැ..
අපි ආයෙත් හොයාන එද්දින් පොර ඉන්නව මග බයික් එක නතර කරන්
Friday, July 6, 2012
මලක් වෙනු මැන සරු ඵලත් දෙන
උරතලයේ උණුසුමත් දීලා
සරණ දෙනු මැන ජිවිතේ..
ආදරේ හිත පිරීලා ඇත
වෙන කෙනෙක් නැ මට ලොවේ...
ආදර හිත පිරී ඇත්නම්
පැතුම් ඉටුවේ මතු දිනේ
ජිවීතේ ඉන් බොහො දුරක් බව
වටහ ගනු මැන ඔය සිතින්
සරණ දෙනු මැන ජිවිතේ..
ආදරේ හිත පිරීලා ඇත
වෙන කෙනෙක් නැ මට ලොවේ...
ආදර හිත පිරී ඇත්නම්
පැතුම් ඉටුවේ මතු දිනේ
ජිවීතේ ඉන් බොහො දුරක් බව
වටහ ගනු මැන ඔය සිතින්
Tuesday, July 3, 2012
පෙට්ටිය කැඩෙන්න නැතුව පුලුවන් තරම් ගහල යවන්න..
******************************************************************
දැන් ඇති නේද?
නැ නැ තව ගහන්න මෙයා..
හිරයි නේ..
යවන එකේ පුලුවන් තරම් ගහලා යවමු
ලේ....ගැවෙයිද?
නැ නැ..පැක් එක තියනවනේ..
මේ..මේක දිගයිනේ
නවලා ගහන්න..
සිතලත් තියනවනේ..
පුලුවන් තරම් ගහල යවන එක තමා හොද මේ දවස් වල..
ගහලා යවද්දින් ස්ටොක් එක අඩුවෙද්දින් නම් සැටිස් තමයි..
ඒත්...
පෙට්ටිය කැඩෙයිද....
නැ..නැ පුලුවන් තරම් අහුරල ගහමු..
ඔන්න මන් කීවා මෙවා සෘජුෆොම් පෙට්ටි..
බර වැඩිවෙලා කැඩුනොත්...
හ්ම්ම්...එකත් ඇත්ත තමා..
(අපේ ෆැක්ටෙරියේ කතා..)

Friday, June 8, 2012
අමිලා මිනිහා අතහැරලලු!! (කට කතාවක සත්‍යතාවය)
වැඩක් තිබ්බ නැති නිසාමත්,තව එකෙකුට ෂොපින් කරන්න ඕන කිව නිසත් හවස 6ට විතර බෝට්ටුවක නැගලා මාලෙට සෙන්දු උනා..ඒත් ඒ වේලාවට මාලෙ කඩ වහන නිසා පොඩ්ඩක් රවුමක් ගැහුවේ.
ඔය අතරේ තම මාලේ ඉන්න ලාලව මතක් උනෙ.
අපි ලාලට කොල් එකක් අරන් බලමු..කාමරෙ ඉන්නවනම් උගෙ කාමරේට ගිහින් ඉමු කඩ අරින වෙලාව එනකන්."කියලා ලාල්ට කතාකලා.
ආ...වරෙල්ලා මාත් මෙ කම්මැලියෙන් ඉන්නේ..
ලාල් එහෙම කියපු නිසාත් කඩ අරින්න තවත් පැයක් විතර තියෙන නිසාත් ලාල්ගෙ කාමරෙට ගියා.
හම්බන්තොට පැත්තේ ඉපදිලා,මීගමුවෙ හැදුනු ලාල් අවානයේ තමන්ගෙ ජිවිතය ගෙනියන්නේ කුරුණැගලය.ඒත් ගමෙ හිටපු කාලෙට වැඩියෙන් මාලෙ හිටපු කාලේ වැඩියි කියල තමා ලාල් අපට කියන්නේ.
කට කැඩිච්චි කතාකියන්න..,ලාබෙට කුණුහරුප අහගන්න..,පරණ කාලෙ වචන වලින් කතා අහගන්න වගෙ දෙවල් වලින් අපට පුංචි ආතල් එකක් ගන්න ඕන උනාම ලාල්ව තමයි අල්ලාගන්නේ.
කෝමෙන් කෝමෙන් හරි ගාට ගාට ඔන්න උගෙ කාමරේ ලගට ගියා.
"ආ තොපි ආවද..ඉදගනියව්කො ඔය ඉඩ තියන තැනකින්.
අපිත් ඉතින් හැමදේකටම තියන ඇද උඩින් ඉදගත්තා..
ඔන්න ඔය කුල් පෙට්ටියෙ ඇති අයිස් කරපු බීම ජාති.බීපල්ලා..ලාල් උගෙ කාමරේ තිබ්බ මිනි ෆ්‍රිජ් එක පෙන්නලා කීවා..
ඔන්න ඔය කූල් පෙට්ටිය ඇරල බලපන් "චාලි"..අපිත් එක්ක ගිය චාලිට කිවේ ලාල්ටත් ටිකක් වදින්න..
ඇයි බං ගයා මෙ පැත්තේ තකහනියක්..ලාල් ඇහද්දින් මගෙන්
මෙන්න මේ චාලිට ෂොපින් කරන්න ඕන කියලා ආවෙ බන්.
මොකො උඹ කර කර හිටියේ ලාල්..මන් ලාල්ගෙන් ඇහුවා.
මන් මෙ සින්දු සි.ඩි. එකක් බැලුව බන්.
තොපිලාත් බලනවද?
කියන ගමන්ම ලාල් සි.ඩි. එක දැම්මා
ඒක කොහෙ හරි සංගීත ප්‍රශන්ගයක් විඩියො කරපු එකක්.
ටික වෙලාවකින් තිබුනෙ අමිලා නදිශානි ගෙ සින්දු ටිකක්.ලස්සන අංග රචනය සමගම අමිලා මඩේ ලගින තාරවුන් නාවන්නද මන්" කියන ගිතය ගයනා කලා.
දැන් ඉතින් ඕකට කොටන එවුනුත් මඩේ ඉනි හිටවනවා වාගෙ දැනෙනවා ඇතිනේද බන්..
ලාල් කට ඇරියා..
ඒ මොකක්ද බන්..අපෙන් එකෙක් ඇසුවා
උඹල දන්නැද්ද..ඕකි මිනිහා අතහැරලානේ..
දැන් හොද සැප.බලපල්ලකො පස්ස පැත්ත..බොන්ගො දෙක,හොද එකෙකුට අහුවෙලා ඇති..දැන් ඉතින් හොද සැප හම්බෙනවා ඇතිනෙ..
ලාල් ඉස්පාසුවක් නැතිවම කියාගෙන ගියා..
ඉදකින් ඔවුන්ට හෙන ගහන්න ඕන නෙ බන්..අර පරණ මිනිහලුනෙ ඔකිට ඔතෙන්න එන්න උදව් කලේ..ලාල් තවත් කියවයි..
අනේ මන් නම් එහෙම එකක් දන්නැ..මන් කීවා
මාත් නම් එහෙම එකක් දන්නැ බන්.මට ආරංචියි අමිලා පවුල පිටින්ම ගිය මාසෙ ගෙදර ඇවිත් ගියා කියලා...චාලි කිවා..,
චාලිත් ඇඹිලිපිටියේ,අමිලා නදිශානිලාගෙ ගමේ..
මාත් දැක්කා බන් අමිලා,මිනිහා,පොඩි එකා ටි.වි එකකට ඉන්ටවිව් එක දිලා තිබ්බා.ඔබ නලයෙ(you tube) තිබ්බා..මාත් එහෙම කීවා..
ලාල් කියපු දේ ඇත්ත විදිහට පිලිඅරන් අපිත් එ කතාව වැපුරුවානම්....???
කට කතාවක සත්‍යතාවය...

Subscribe to:
Posts (Atom)