ගමක අසිරිය බාගයක් කියවපු ඔයාලා මෙ ටිකත් කියවලාම බලන්නකො.....
1997,මන් O/L කරල ප්‍රතිපල එනතුරු බලාන හිටි කාලයයි
සුනීත ගන්ගා ජලේ.........
නිල දිය රැල්ල වෙරළෙ හැපෙ.....
ඔරු පාරු තිබුනාට කිමදො පලේ........
ඒ වැසි කාලයෙ දවසකි.උදෙන්ම හුටු හුටු සද්දෙ තියාගෙන "ගුල්ල"(අපෙ ලොකු මස්සිනා) අපෙ ගෙදර අවේය.ටික වෙලාවක් කතාකරමින් හිටියෙය.
අඩො..යන්ද වැව බලන්න..දැන් හොදට පිරිලා ඇතිනේ...
නිකන් කාලෙ කකා හිටපු මට එය හොද අදහසක් වුවෙය.හොද ටම පිරි තිබු වැවෙ නිල්දිය මත නෙලුම් පාවෙමින් තිබුනි.ටික වෙලාවක් වැ බැම්මෙ කතා කරමින් ඉදිද්දි ගුල්ලා එකපාරටම කිවෙ..
අපි පාරුවක් හදලා පදිමුද..
ගුල්ලා යනු වාසිටි යාන්න ලැස්තිවෙමින් සිටි එකෙකි.අලුත් අදහසට මගෙන් උපරිම සහය ලැබුනි.ඉන්පසු අපට තවකෙක්ද එකතු විය.වත්තෙ තිබුනු ගස් කපා අමුද්‍රව්ය එකතු කරගත්තොය."ගුල්ලා"ගෙ දැනුමෙන් බල තුලනය කරමින් පාරුව සදා නිම කලොය.
එදා දවස නින්දට ගියෙ හෙට උදෙ මුහුන දෙන අලුත් අත්දැකිමකට සුද ගැන සිතමින්ය.
දවස එලබුනි.නියම වෙලාවද පැමිනියෙය.
එහෙනම් ඔන්න පරුව වැවට දැම්මා.කියමින් පාරුව වතුරට දැම්මෙය..
පාරුවට ගොඩ විණි.මගියො 3 දෙනයි.බලසමතුලිතතාවය අනුව පරුවෙ ඉන්නා අයුරුද කිවෙ ගුල්ලාය.ඒ ඔහුගෙ ශුද්ද ගණිත දැනුමයි.
ඔන්න අපිත් පාරුවෙ යනවො....හබල් ගසමින් මහා සතුටකීන් රවුමක් ගියෙය."ඊලග රවුම ටිකක් ඇතින් යමු"අර නෙලුම ගාලට එහායින් ඇ"
වෙගය වැඩිවිනි.මගෙ මුවින් ගීතයක්ද පිටවුනි.
සුනිත ගන්ගා ජලේ..නිල දිය රැල්ල වෙරලෙ හැපෙ....ඔරු පාරු තිබුණාට කිමදො පලෙ...
ජබොහ්.....
සිදුවු කිසිදෙයක් මා දන්නෙ නැත.මා ගිලුනු බව තේරුනි.හනික ගොඩට ඒමට ට්‍රයි කරුවෙය.වතුර මතුපිටට එද්දි මා දුටුවෙ පාරුව කැරකෙමින් යලිත් මාගෙ ඔලුව උඩට එන්නක් මෙනි.මහා කලු ගලක් ඔලුවට වැටෙනවා මෙන් හිතුනු මම,හිතුනෙ මෙය මාගෙ ඔලුවට වැටුනොත් මාව මැරෙනවායි යන්නය.මරණ බියෙන් හො යලිත් මා වතුරෙ එබුනි.
වාන් දැමිමට ඔන්න මෙන්න තිබුණු වැවෙන් වතුර උගුරු 3-4ක් බිවෙ,වැව වාන් දැමුවොත් පහලින් තියෙන කුඹුරු වලට වෙන විනාශය වැලඇක්විමට නම් නොවෙ..
කෙසේ හො මර බියෙන් දගලන මා අනෙකුන් විසින් ගොඩට ගත්තෙය.
අහ්..බය නැතුව කෙලින් වියන්...
අම්මෙ මෙ මොකක්ද,මගෙ පපුව ගාවටනෙ වතුර තියෙන්නෙ.
මටම ලැජ්ජා හිතුනි.පපුව ගාවට චුට්ටක් උඩින් වතුර තියෙද්දි මා මර බියෙන් දගලා ඇති බව වටහ ගත්තෙ එවිටයි.කාගෙත් සමච්ච්ලය අතරෙ එදා දවස නිම උනත් ඒ අත්දැකිම ආයෙ ලැබෙන්නෙ නැනේ..
කොහොම හරි අවුරුදු 21 ක් එ ගමෙ ජිවත් විය,හරියටම 2001 මැයි 3 වෙනිදා වැඩිපුර ඉගනගන්න ගෙදරින් ගිය මට අයෙ ගෙදර එන්න වුයෙ සති 2කට එක දවසකි.ඉන් පසු නොයෙක් රැක්යා වලට කොළඹ,අනුරාදපුර,දඹුල්ල වැනි ප්‍රදෙස් වල ඉන්න සිදුවිය.
ඊට පස්සෙ 2007 අගොස්තු 23 වෙනිදා ජයලත් අයියා ගුවන් ටිකට් එවද්දි මාලෙට එන්න කියල.එදා රැ ම මට මාලෙ එන්න උන නිසාත් දැන් ගෙදර යැවෙන්නෙ අවුරුද්දටම දවස් 30ක්.ඒ ගමනෙන් කියවුනු එකම දේ එදයින් පසුව ඒ ගමෙ ජිවත් විමෙ ඇති අයිතිය නැති වු බව කියල දැන් හොදින් වැටහි ඇත.
ඒ අයෙත් එ ගමෙ පදින්චියට නොයන බවට ගැනු මාගෙම තිරණකිනි.
අර්ද නාගරික පරිසරයක ජිවත් විමට යන මට ඒ සුන්දර ගම අහිමි වෙ.එය මතකය් පමණක්ම වෙ.තාමත් නොඉපදුනු මාගෙ දරුවන්ට මා ලැබු සුන්දර අත්දැකිම් අහිමි වෙයි.
බොහො අය නගරයට ගම් හතක් ඇතින් සිට මම අහවල් නගරයෙ යෙයි කිවත් මා කෙසෙ කිමට ප්‍රියනොකරන්නෙ මට එ ගම සුන්දර බැවිනි.එ නිසාCITY BOY කෙනෙක් විමට මට කිසිදු උවමනාවක් මට නැත.නගරයෙ වැඩෙන හයිබ්‍රිඩ් ජිවිතයට වඩා ගම සුන්දර යැයි මට සිතේ...ඒත් එය මින් මතුවට අහිමියි..
ඒ වාගෙම post එක නිමි
බොහොම හොදයි දිගටම ලියන්න අපිත් එනවා කියවන්න.
ReplyDeleteහරිම ලස්සනට ලියලා තියෙනව අයියේ..අපේ ජිවිතේ ලස්සනම තැන් තියෙන්නේ අපේ පුංචි සන්දියේ අහු මුලු වල..ඒ ලිපිය තුල මාත් ජිවත් උනදෝ කියලා වෙලාවකට මට හිතෙන තරම් ඒ නිර්වයාජ අහිංසක ළමා කාලෙට ඔයා අමුතුම හැඩයක් එක් කරලා තිබුනා...
ReplyDeleteඅයියගෙම වචන වලින් කිව්වොත් "තාමත් නොඉපදුනු මාගෙ දරුවන්ට මා ලැබු සුන්දර අත්දැකිම් අහිමි වෙයි"සාධාරණ බියක් මටත් ඇති වෙන්නේ අම්මලාගේ ඕනෑවට බැරි බර අදින පුන්චි පැටව් උදේ හවා අතොරක් නැතිව මහ මගම ජීවිතය දිය කරන හැටි දැක්කම..
@JHOTHISHALANAKA, බොහොම ස්තුතියි ඇතුගලට ඇවිත් ගියාට.අයෙත් එන්න පුලුවන් වෙලාවක
ReplyDelete@අසනි,ආයෙත් නොයෙන බාල කාලෙට මන් ගොඩාක් ආසයි.
ආවට තුති.ඔයාගෙනුත් අලුත් දෙයක් ඒවි නෙද.විබාගත් ඉවර ඇති නොවැ